<57>

164 14 15
                                    

🦁 දෙවනී ආය උබේ බයික් මේකි ගෙ....

ලොකූ කෑ ගහගන ආවත් සාලේ ඉන්න කට්ටියව දැකල එයාට එයා ඉන්න තත්වේ තේරුනා මාත් ගෝනිබිල්ලෙක් වගේ තිබ්බ හෙල්මට් එකයි ජැකට් එකයි ගලෝලා සාලෙට ආවා

වෙනදට කට්ටිය සෙට් උනාම පිස්සු නටනවා වෙනුවට අද ඔක්කොම සද්ද්නොකර ඉන්නවා දෙවනි සෝෆා එකේ ඇලවෙලා ෆොන් එක ඔබනවා එරික් මොකක්ද පොතක් කියෝනවා රෙක්ස් පැන්සලෙන් මොනාද සටහන් කරනවා විකී උඩ බලාගන ඉන්නවා ජුලියන් හැමෝම දිහා බලන් ඔහේ ඉන්නවා යූවී පඩිපෙල අස්සට වෙලා ඉන්නවා

🦁 පොඩී....එන්න මෙහාට

🐹 බැහ්...ඔයා මට බනියි

යූවී අඩලම නහයයි ඇසුයි කම්මුලුයි ඔක්කෝම රතුවෙලා ඒක දැක්කම එකපාර මාව ශොක් උනා මේ අවුරුදු දහ නමයටම යූවී ඔහොම ඉන්නවා මම දැක්කමයි

🐯 උබ ඕක අස්සෙ හිටියට උන දේවල් හරි යන්නෑ

🦁 යූවී...මොකක්ද මේ කරේ

🐯 මල්ලි හොදින් කිව්වම අහපන්

🐹 ඔයාලා දන්නේ බනින්න විතරයි

යූවී කලුදුත් පිහානග නැගිට්ටා එයා තාම ඇඩිල්ල පාලනය කරගන්න බැරුව ඉකි ගහනවා

🌸 අයියේ...ඇයි ඔයා එහෙම කරේ
කියන්නකො

🐹 කිව්වොත් ඔයාලා හිතයි මම පොඩි බබෙක් කියලා ...කමන්නෑ
ඔයාලා දන්නවද (ඉකි ගගහා)
මා එක්ක වැඩ කරන අය සමහර දාට එයාලගේ ශූටින් බලන්න ඒගොල්ලොන්ගේ සහෝදරයෝ එක්කන් එනවා එයාලා නිවාඩු ගත කරපු හැටි විනෝද උන හැටි කියනවා ඉහ්....

🦁 මල්ලි...

🐹 නෑ මට කියන්න දෙන්න ඉහ්... එයාලා කියනවා මම හරි අවාසනාවන්තයිලු මට එක සහෝදරයෙක්වත් නැති හින්දා ඉහ්....ලොකූ ඔයා දන්නවද කලින් ඩ්‍රාමා එකේ මාත් එක්ක ඉහ්.... ඇක්ට් කරපු කෙල්ල කිව්වා එයාගේ අයියා ඉහ්..... එයා ගිලෙන්න ගියාම බේර ගත්තලු..  ඔයා දන්නවද ලොකූ මට ඒ වෙලාවේ කියන්න ඕන උනා මගේ ලොකු අයියා එයාගේ..   එයාගේ මුලු ජීවිතේම අපි වෙනුවෙන් කැප කරා කියලා

🦁 ඕක දැන් ඇති....

🐹 (කදුලු පිහාගන) බෑ...මට කියන්න ඕනේ....අපේ අද්‍යක්ශක කිව්වා එයා හැමවෙලේම එයාගේ නංගිව ආරක්ශා කරාලු...දෙවනි ඒගොල්ලො එහෙම එයාලගේ සහෝදරයෝ බලාගත්තා කිව්වම මට කියන්න ඕන උනා අපි හැමෝම ඉස්කෝලේ ‍යද්දි මගෙ අයියා අපේ පස්සෙන් අපිට හොරෙන් ඇවිල්ලා කවුරු හරි අපිට කරදර කරනවද බැලුවා කියලා ලොකු අයියාට කවුරු හරි රැව්වොත් දෙවනි එයාගේ ඇහැ වටේ නිල් වෙන්න ගැහුවා කියලා

Rose Of Knights ✔️Where stories live. Discover now