<37>

164 14 0
                                    

🌸 ඔය මොකද අයියේ....

දෙවනිව තුවාල වෙලා එයා කා එක්ක හරි රන්ඩු කරලද ඒත් මීට කලින් එයා
ඔහොම ඇවිල්ලා නෑනේ

🐯 මේ පොඩි ෆයිට් එකක් චූටී

🌸 පොඩි???

🐯 හරි හරි මම යන්නම් ඔයා පරිස්සමට ඉන්න.... මොකක් හරි උනොත් කෝල් එකක් දෙන්න

🌸 ඒත් අයියේ...

මම මුකුත් කියන්න කලින් එයා දොර වහගෙන ගිහිල්ලත් ඉවරයි ජෝජ්ගෙයි නේහාගෙයි නාඩගම මට සම්පූර්නයෙන්ම අමතක උනේ දෙවනිගේ අත්භූත ක්‍රියා කලාපය හින්දා  මම කෝකටත් දෙවනිව බලන්න කියල රෙක්ස්ට කෝල් එකක් දීලා ඔලුව නිදහස් කරගන්න වොශ් එකක් දාගන්න ගියා

අද දවසට උන ඒවා හොදටම වැඩියි මට විබාගෙ තහනම් කරයිද ඒත් හේතුවක් නැතුව එහෙම කරන්න බෑනේ නේහා අර ෆොටෝස් ටික දුන්නොත් එහෙම

🖤 එමී.....ශ්....ම්හ්...  දොර අරින්න

🌸 පාස්ව......

හෝව් එයා අමාරුවෙන් කතා කරන්නේ බැරිවෙලාවත් මන් නිසා ගහන්න ගිහිල්ලා එයාට මොනා හරි වෙලා කියන බයට නනා හිටිය එක පැත්තක දාල ටවල් එකත් ඇදන් මම පහලට දිව්වා

මම දොර ඇරිය ගමන්ම දොරට හේත්තු වෙලා හිටිය ජුලියන් මගේ ඇගට වැටුන තව ටිකෙන් එයාගෙ බරට මාවත් වැටෙනවා මේ හාල්මැස්සි වගේ ඉන්න මට පුලුවන් ද ජුලියන්ව උස්සන්න
කොහොම හරි එයාව අමාරුවෙන් ඇදගෙන ඇවිල්ලා මම සෝෆා එකෙන් තිබ්බා

ලේ????
මන් ඇදන් හිටිය සුදු පාට ටවල් එකේ
වම් පැත්තේ ලේ ගොඩක් ගෑවිලා මම ඉක්මන්ට ජුලියන් උඩින් දාන් හිටිය කෝට් එකේ බොත්තම් ටික ගලවලා දැම්මා එයා ඒකට යටින් ඇදන් හිටිය කලු පාට ශර්ට් එක ලේ වලින් පෙගිලා තද කලු පාට වෙලා

🌸 ජුලියන් පොඩ්ඩල් කෙලින් වෙන්නකෝ

ම්හු එයා නලලත් අල්ලගෙන හිමීට කෙදිරි ගානවා මෙයාට කිය කිය ඉන්න ගියොත් මට තුවාලෙ බලන්න වෙන්නෑ මේසේ තිබ්බ කතුරක් අරගෙන මම එයාගේ ශර්ට් එක තීරු තීරු වලට කපල දැම්මා ශර්ට් එකේ කෑලි ටික මිරිකලා ගත්තා නම් බාල්දියක් විතර ලේ ඇති

Rose Of Knights ✔️Where stories live. Discover now