<28>

182 16 1
                                    

හව්ව්ව්
අද සිකුරාදා ටීචලා ඇහුවොත් කෝ මගේ දෙමව්පියෝ කියලා ඒ වෙලාවට කටට එන එකක් කියනවා ප්ලෑන් කරන් බොරු කියලා මට පුරුදු නෑනේ ඉතින්

🌻 අම්මේ....

නෝරා එයාගේ අම්මට කතා කරලා මන් දිහා බැලුවා

🌻 එමී මම අම්මව මේන් හෝල් එකට එක්කන් යනවා ඔයත් අම්මා ආවම එන්න

🌸 හරී

එයාට හිනාවක් දාලා පන්තියේ බිත්තියට හේත්තු වෙලා මම බලාගෙන හිටියේ ටීචර් කෙනෙක් ඇවිල්ලා ඔය ලමයගේ දෙමව්පියෝ නැද්ද අහනකල්
ඒත්...

🖤  මාව මේන් හෝල් එකට එක්කන් යන්නෙ නැද්ද

ජුලියන් ?????
ඔව් ඒ එයාම තමයි බොරු රැවුලකුයි කන්නාඩි දෙකකුයි දාගෙන ඇවිල්ලා හිටියේ ජුලියන්

🌸 ඔයා....

🖤 හ්ම්ම්ම් මම තමා ඔයාගේ තාත්තා හොදද..... නෑ නෑ මට ඒ තරම් වයස පාට නෑ මම ඔයාගේ මාමා

🌸 ඔයා මොකද මෙහේ කරන්නේ

🖤 ම්ම්ම් ඔයා හිතන්නකෝ කල ගුන සලකන්න මම මේ දේවල් කරනවා කියලා

🌸 ඒත්

🖤 අනේ පේරන්ට්ස් මීටින් පටන් ගන්න කලින් මාව එක්ක යනවකෝ මේ රැවුල ගැලවෙයි

🌸 අහ් හරි හරි

මම හිටියේ වෙන දේ හිතාගන්න බැරුව ඇත්තටම මට ගොඩම ගොඩාරියක් සතුටු හිතුනා මට බොරුවට හරි මාමෙක් ඉන්නවනේ ජුලියන් නරකමත් නෑ වගේ....







එමී ජුලියන් එක්ක යද්දී.........




🦁 ආශ් මේ ඉස්කෝලේ මේන් හෝල් එක කොහෙද..... මට සුදූට කියලා එන්න තිබ්බේ දැන් පන්තිය හොයාගනේ කොහෙන්ද

🦋 එක්ස් කියුස් මී

🦁 හලෝ...

🦋 තමුන් කව්ද මොකද ඉස්කෝලේ තාප්පෙන් පැන්නේ ඇයි කෝට් එකක් ඇදන් මාස්ක් දාන් ඉන්නේ...

අවුරුදු 33 ක් උනත් අපේ ලොකු අයියා ඕනවට වඩා සමහර දේවල් ගැන හිතනවා එමී එයා ගැන අනික් අය දැනගන්නවට අකමැති හින්දා එයා මාස්ක් එකයි සන්ග්ලාස් එකයි රහස් පරීක්ශයෝ අදින ජාතියේ උස කොලර් තියන කෝට් එකයි දාගෙන ඉස්කෝලේ තාප්පෙන් පැන්නා තාප්පෙන් පැන්න මේ සැක සහිත පුද්ගලයව අහු උනෙ ජියාට (ජියාව මතකයිනේ)

Rose Of Knights ✔️Место, где живут истории. Откройте их для себя