<39>

143 13 2
                                    

🌸 යූරා....නෝරා

🌻 දොර අරින්නෝ. ......අපි මේ ලගට ආව ගමන් ආවා මාර රස්නෙයි හලෝ

🌸 ආ ඉන්න ටිකක්

මම ඇස් වලින් මගෙ බූරු පැටව් දෙන්නට ඉගි කරේ ඉක්මන්ට උඩට යන්න කියලා ජුලියන් හිටියට නම් අවුලක් නෑ ඒත් නලුවෙකුයි ගායකයෙකුයි මගෙ ගේ ඇතුලෙ ඉද්දි....
ඒ දෙන්නා ගියාට පස්සෙ මම දොර ඇරියා

🌸 සොරී පරක්කු උනාට

🌼 හම්මෝව්

🌸 දෙන්නා කොහෙද ගියේ

🌻 පොඩි රවුමක් දාන්න එලියට ආවා ඒත් මාර රස්නයක්නේ.....ආහ් ඔයාගේ කසින් අයියත් ඉන්නේ

එතකොටයි මට මතක් උනේ ජුලියන් සාලේ කියලා උඩට කමිසයක්වත් නැතුව ඔක්කොම එලියෙ දාන් ඉන්න ලස්සන

🌸 ජුලියන් කාමරේට යන්න.....

මන් ටිකක් රවන් කිව්ව හින්දද මන්දා කොල්ලෝ කොට්ටෙන් පපුවත් වහගෙන උඩට ගියා
එහෙම්ම ෆ්‍රිජ් එකෙන් බීම එකකුත් අරන් යූරා නෝරා දෙන්නට දීලා මාත් එතනින් වාඩි උනා

🌻 හම්මෝ මේක බිව්වට පස්සේ මාර සහනයක්

🌸 මේ දවස් වල රස්නෙයි තමයි

🌻 ආය ටික දවසකින් වහින්න ගන්නවා

🌼 එමී එදා ඉස්කෝලෙදි මොකද උනේ

🌸 නේහාගෙයි ජෝජ්ගෙයි වැඩක් ලොකු අවුලක් නෑ

🌼 හ්ම් ජෝජ් හැමතැනම කිය කිය යනවා එයාට ගහපු කෙනාට එයාගේ මාමට කියලා හොද වැඩක් කරනවලු

🌸 JL ද

🌼 ඔව්

🌻 ඔයාගේ කසින් එහෙම නෙමේනේ ජෝජ්ට ගැහුවේ

එතනින් පස්සේ යූරා නෝරා කිව්ව මුකුත් මට ඇහුනෙ නෑ JL කියන නම ඇහුවත් මිනිස්සු බය වෙන එකේ ජුලියන් ජෝජ්ට ගැහුවා....... එක්කෝ මෝඩකම නැත්තම් මට කරදරයක් වෙනවට අකමැතිකම.....මේ දෙකෙන් මොකක් වෙන්න පුලුවන් ද අනේ මන්දා ජුලියන් ඔයා......

🐹 ආආආආආආආආ ඔයා කොහොමද එහෙමමම.........

🦊 මන් මුකුත් කරේ නෑඈඈඈඈ

🖤 ආආඅව්ව්ව්ව් මගේ තුවාලේඒඒඒ

🐹 ආව්ව්ව් නහය.......

Rose Of Knights ✔️Where stories live. Discover now