<53>

168 12 4
                                    

Emmy pov....🌸

🖤 එමී??? ඔයා නිදාගනනේ හිටියේ

🌸ම්ම් මම ඇහැරුනා.... ඔයා එහෙ මෙහෙ වෙනකල් ඉදලා කාර් එකට නැගලා ඔයාට නොපෙනෙන්න හිටියා

🐯 That's my girl

🦁 හ්ම්ම්ම් දැන් මට කියන්නේ ඔයාටත් මේකට එන්න ඉඩ දෙන්න කියලද

🌸 ඔව්....හත් දෙනෙක්ට වඩා අට දෙනෙක් හොදයි

අයියාගේ කර වටේ අත දාගෙන හෙන බටර් පාරක් ගාන ටෝන් එකකින් මම කිව්වා අයියා හිනා උනේ එකග වෙන්න වගේ මට දැන් දහ නමයක් ලොකූ අපේ වගකීම ගත්තේ අවුරුදු පහලවේදී ඉතින් එහෙම අයියට තනියම මේ දේවල් කරන්න මට දෙන්න බෑ

🦁 හරි හරි එහෙනම් ඔක්කොම කරමුකෝ

මම එකපාර දැක්කේ යූවීගේ මූන අදුරු වෙලා යනවා එයාට මොනා වෙලාද මම ලොකූව අත ඇරලා යූවී ගාවින් ඉදගෙන එයාගේ මූනට එබුනා

🌸 මොකෝ

මේ යකා එකපාරටම මාව බදාගත්තා බීලාද??? නෑ බීලා නම් නෑ වගේ එයා මෙහෙම නෑනේ

🐺 යූවී???

🐹 චූටී ඔයා පරිස්සම් වෙන්න හාද....ඔයා බලාගන්න ඔයා ලගින් ඉන්න අපිට බැරි උනාට සොරී

🌸 ඔයාලා මා එක්ක හැමදාම හිටියා අනේ

මම එයාව මගෙන් ඈත් කරලා එයාගේ කොන්ඩේ ඇවිස්සුවා යූවී හිනා උනාට ඒක බොරු හිනාවක් යූවී ගොඩක්ම හිනා වෙලා තියෙන්නේ මා එක්ක ඉද්දි ඉතින් නලුවෙක් නෙමේ එලුවෙක් උනත් එයාගේ හිනාව මට හොයා ගන්න පුලුවන්

🐻 කෝ ඔය ලමයි ටික මේ වෙලාවේ ඔය ප්‍රශ්න ටික ඔලුවෙන් අයින් කරගන්න රෑට ඔලුවෙ ප්‍රශ්න තියන් ඉන්න හොද නෑ අද අපේ චූටි කුමාරි තරගයක් දිනලා ඇවිල්ලා ඉන්නෙ මම අද රෑට කෑම හදන්නම් ඕගොල්ලෝ ඔලුවේ තියන ප්‍රශ්න අයින් කරන් ඉන්නකෝ

🦁 මාත් එන්නම් උයන්න

🐺 දෙන්නට තනියම බෑනේ මාත් එනෝ

ලොකු තුන් දෙනා කුස්සියට ගියා ජුලියන් ජෙරම් එක්ක මොකක්දෝ බර කතාවක් අයියට නංගිව මතකත් නෑ බොයිපෙන්ට ගර්ල්පෙන්ව මතක් නෑ හරිම සෝක් මස්සිනාලා දෙන්නා මේ දෙන්නව බන්දන්න තිබ්බේ දෙන්නම එකයි බුම්මන් ඉන්නවා වැඩිය කතා නෑ ඔක්කොම හිතේ තියන් ඉන්නවා
මෙච්චර පිරිසක් ඉන්න ගෙදර තනියම තනිකම විදගන්නවා කියලා හිතාගන මම සෝෆා එකට හේත්තු වෙලා බිමින් ඉදගත්තා එතකොටම පොඩි දෙන්නා
ඇවිල්ලා මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්ත ඒ දෙන්නා ඔහොම්මමයි එයාලට අම්මාව ගොඩාක් මතක නැතත් මන් අම්මා වගේලු මා එක්ක ඉද්දි එයාලට අම්මා එක්ක ඉන්නවා වගේ දැනෙනවලු මම ඉතින් ඒ වෙලාවට විහිලු කරනවා අම්මා මන් වගේ පිස්සු නටන්නෙ නෑ කියලා ඒත් අපේ
අම්මා පිස්සු නටන කෙනෙක්ලු අක්කෙක්ට විතරද සහෝදරයන්ට අම්මෙක් වෙන්න පුලුවන් නංගියෙක්ට බැරිද???

Rose Of Knights ✔️Where stories live. Discover now