<2>

270 17 2
                                    

ඉස්කෝලේ ඉවර වෙලා නෝරා යූරා දෙන්නගෙන් සමු අරගෙන මම ගෙදර ආවා ඉස්කෝල මාරු කරන හැමපාරම ඉස්කෝලෙට ලගින් හැම දේම තියන ගේකුත් එයාලා මට ගන්නවා මාව බලන්න හොරෙන් හොරෙන් එන්නෙත් මේ ගෙදරට තමයි

ඊයේ ගෙදර බඩු ඔක්කොම අස් කරගත්ත නිසා හොදයි තට්ටු දෙකක ලොකු ගෙදර මම කොහොම තනියෙන් ඉන්නද මන්දා

එතකොටම මගේ ෆෝන් එක රින්ග් උනා

( 🌸 Emmy
🌻 Noora
🌼 Yoora

🦁 Deric
🐯 Jeram
🐻 Eric
🐺 Recx
🦊 Vicky
🐹 Yuwi )

🌸 📞 හලෝව්

🐻 📞 හලෝ රෝස මල....කොහොමද අද දවස

🌸 📞 අවුලක් නෑ මට යාලුවෝ දෙන්නෙක් හම්බුනා ඒ දෙන්නා ට්වින්ස්ලා

🐻📞 වාහ් කෙල්ල දියුනු වෙලානේ ඔයා යාලුවෙක් හොයාගත්තා කිව්ව පලවෙනි පාරද මන්දා ඔය

🌸📞 මම හිතනවා ඒ දෙන්නා මට යාලුවෝ වෙයි

🐻📞 අනිවාර්යෙන්ම....එහෙනම් පැටියෝ මම තියන්නම් හොදේ පොඩි වැඩක් තියනවා

🌸📞 හරී පරිස්සමට ඉන්න බායි

🐻📞 ඔයත් පරිස්සමට ඉන්න පැටියෝ

ෆෝන් එක පැත්තකට විසික් කරලා මම සෝෆා එකේ ඇල උනා මම ගොඩක් ආසයි ගොඩක් වෙලා මගේ සහෝදරයෝ එක්ක ගත කරන්න

🌸 මට ඕන අයියලා එක්ක ගොඩක් වෙලා ඉන්න..... ඒත් ඒගොල්ලෝ හැමවෙලේම බිසී එයාලගේ හීන වලට ගියා කියලා එයාලගෙම චූටි නංගිව මෙහෙම තනි කරන එක හරිද..... ඔයාලව අන්තිමට දැක්ක දවසක්වත් මට මතක නෑ වීඩියෝ කෝල් ගත්තා කියලා ලග ඉන්න හැගීම දැනෙන්නෑ...මට හරි පාලුයි

හැමදාම වගේ තනියම කතා කර කර තනියම අඩලා මම එතනින් නැගිටලා ගියේ නාගන්න

මම දන්නවා අයියලා මට ගොඩක් ආදරෙයි එයාලා ගත කරන කාර්යබහුල ජීවිත එක්ක දවසකට අඩුම ෆෝන් කෝල් එකක්වත් දෙන්න එයාලා අමාරුවෙන් හරි වෙලාව හොයා ගන්නවා මට ඕනේ ඔය හය දෙනා එක්ක ඉන්න උනත් ඔයාලට එහෙම ඉන්න අමාරුයි ඒත් මම ඔයාලට මා ගාවට එන්න කිව්වොත් ලෝකෙට බම්බු ගහගන්න කියලා ඔය හය දෙනාම මා ගාවට දුවගෙන එයි ඒකමයි මම එහෙම නොකියන්නෙත් මම කැමති නෑ ඔයාලගේ ජීවිත වලට බරක් වෙන්න


Rose Of Knights ✔️Where stories live. Discover now