<55>

162 15 14
                                    

අහ්ම්ම්ම්....මොකද අප්පා හෙල්ලෙන්නවත් බෑනේ....ආව් කකුල.....අහ්ම්ම්
Wait
ඊයේ රෑ මොනාද උනේ රෑ උන ඒවා ලාවට වගේ මොලේට ගලාගන ආවත් ජුලියන්ව කිස් කරන තැනට පස්සේ මෙලෝ දෙයක් ඔලුවට ආවේ නෑ බැරිවෙලාවත් මම අයියලාව මාමලා වෙන්න වැඩක් දීලද කියලා හිතන ගමන් මම ඇස් ඇරියා එහෙම දෙයක් උනත් මතක නැත්තේ අපරාදෙ හැබැයි

ඇස් ඇරියම මට හොදට තේරුනා ඇයි මට දගලන්න බැරි කියලා ...මාව ලොකු ශීට් එකකින් ඔතලා ගැටගහලා ඇව් ඇව් ජුලියන් කියන්නෙත් ඉතා අහින්සක කොල්ලෙක් මොන මැර වැඩේ කරත් එයා කෙල්ලෙක්ට අත තියන්නෑ මම එයාගේ කෙල්ල උනත්

🌸 අයියේඒඒඒඒ මාව ලිහන්නකෝ

මම කෑ ගහද්දි මටත් ඔරෝගන ඒප්‍රන් එකකුත් ඇදන් ආවේ ජුලියන් අනික් අය නෑ වගේ

🌸 මොකද මාව ගැට ගැහුවේ

🖤 තමුසේ මාව රේප් කරයි කියන බයට.....දැන් වෙරි හිදිලව

🌸 ඔව් ඔව්....

🖤 ගිහින් නාගන එනවා තමුසේ ගාව මාර ගදයි

🌸 යැයි යැයි තමා

ජුලියන් ගැටේ ලිහුවට පස්සේ මම බෙඩ්ශීට් එක විසික් කරලා එයාටත් ඔරෝලා අල්මාරියෙන් ඇදුම් අරන් වොශ් රූම් එකට ගියා
මම නාගන එද්දි කෑම මේසෙ රෙඩි කරලා ඔක්කෝම කරලා තියනවා
අද දවස පටන් ගද්දිම මට මොකක් හරි මහ නරක ෆීලින්ග් එකක් ආවා ම්ම්ම්ම් ඇගට නෙමේ හිතට හරි නෑ වගේ

🖤 මොකෝ ම්ම්ම්

🌸 චුට්ටක් අවුල් වගේ හලෝ

🖤 ගනන් ගන්නෙපා ඊයේ බීපුවට වෙන්න ඇති....ආ මේක බොන්නකෝ කන්න ක....

එතකොටම ඇහුනේ දොරට ගහන සද්දයක් ජුලියන්ට දැන් මන් ලගට එන කාගෙන්වත් හැන්ගෙන්න හේතුවක් නැති නිසා එයාට ඉන්න විදිහටම ඉන්න කියලා මම ගිහිල්ලා දොර ඇරියා බාප්පා එයාගේ යාලුවෝ දෙන්නෙක් එක්ක ඇවිල්ලා හිටියේ

🌸 බාප්පේ....එන්න ඇතුලට

👨‍🦱 හ්ම්ම් දුව චෙෆ් කෙනෙක් වැඩට ගත්තද

බාප්පා ඇහුවේ ජුලියන් දිහා බලලා චෙෆ්??? මෙයා ඔය එලවලු කපන පිහියෙන් වැඩ දාන්න ගත්තොත් කෑම කෙසේ වෙතත් මිනී දෙක තුනක් මෙතන තියෙන්න ඉඩ තියනවා

Rose Of Knights ✔️Where stories live. Discover now