<24>

191 16 1
                                    

Julian pov.......🖤


මම හොයන ටැටූකාරයගේ හෙන්චයියෙක් මේ ටිකේ එමී වටේ කැරකෙනවා ඌ දැනගෙනවත්ද මම එමී එක්ක ඉන්නෙ කියලා වෙන්න බෑ මගේ මූන දැක්ක එකාව මම මැරුවා මම ගැන දෙයක් නෙමේනම් උන් එමී පස්සේ එලවන්නේ මොකද ආශ් මොන දේ උනත් ඒ කෙල්ලට කරදරයක් වෙන්න දෙන්න බෑනේ

එමී කොන්සට් එකක් බලන්න ගියාට මම හිටියේ එයා ගැන බයෙන්....බයෙන්??? මම මොකද කොහෙවත් යන කෙල්ලෙක් ගැන බය වෙන්නේ මොන මගුල උනත් ඒ මාව බේරගත්ත කෙනානේ...
මමත් එයාගෙ පස්සෙන්ම කොන්සට් එකට ගියා ඇතුලට යන එක මට ලොකු අවුලක් නොවුනත් එමී ඉන්න ඉස්සරහම සීට් ගාවට යන්න බැරි උනා මම එයාව පේන මානෙන් හිටගෙන හිටියා මගේ එහා පැත්තේ ඉන්න කෙල්ල දැක්කම නම් මට පුදුම හිතුනා

🖤 මරී....

🌘 බො.....බොස්

සන්ග්ලාස් දාන් මාස්ක් එකක් දාන් කැප් එකකුත් දාන් හිටියට මරී කටහඩින් මාව අදුරගත්තා එයා මොකද මෙතන කරන්නේ

🌘 බොස් විකීගේ ෆෑන් කෙනෙක්ද

මොකා....ඒ මොන ජාතියෙ නමක්ද මම වටේටම ඇස් යැව්වේ කොන්සට් එක කාගෙද බලන්න විකී ශර්මන් හ්ම්ම්
එතකොටම ස්ටේජ් එක එලිය උනා මරී ඇතුලු කෙල්ලෝ ඔක්කොම කෑ ගහන්න ගත්තා

හෝව්... උස මහත කටහඩ මෙයාට මාස්ක් එකක් දාලා හූඩියක් ඇන්දුවා නම් එමීගේ බෝයිෆ්‍රෙන්ඩ් වගේ ආ.....ඒකයි එහෙනම් මෙයා කොන්සට් එකට ආවේ බෝයිෆ්‍රෙන්ඩ්ලත් එසේ මෙසේ අය නෙමෙයි වගේ

ඒ උනාට එමීගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා ඔක්කොම එකයි එයාලා ආදරේ කරන්නෙ මහ අමුතු විදිහට මට ඕන තරම් එයාල කතා කරනවා ඇහිලා තියනවා ඒ ගොල්ලෝ මෙයාව මාර විදිහට පරිස්සම් කරන්නේ ඕවා මාට්ටු උන දාට මොනා වෙයිද මන්දා

අනික එයාගෙ තාත්තා එදා එයා ආව වෙලාවේ මම එහා කාමරේ ඉදන් ඔක්කොම අහන් හිටියේ එයාගේ වොයිස් එකෙන් නම් උපරිම අවුරුදු 30 කියන්න පුලුවන් පිටිපස්සට එයාව දැක්කම නම් මට හිතුනේ මේත් එමීගේ කොල්ලෙක් කියලා ෆුල් සූට් එක ඇදලා කොන්ඩේ ගානට පීරලා හිටියා....ඉස්සරහට බලාගන්න හම්බුනේ නම් නෑ

Rose Of Knights ✔️Where stories live. Discover now