<33>

135 11 1
                                    

🐹 ඔය දෙන්නට මේ වෙන දේ පැහැදිලි කරන්න පුලුවන් ද

මම ඇදන් හිටිය ජුලියන්ගේ ශර්ට් එකත් හදාගෙන ඇදෙන් ඉදගත්තා ජුලියනුත් ලොකු ඈනුමක් ඇරලා මා ගාවින් වාඩි උනා

🖤 එමී ඔයා යන්න මන් උන දේ කියන්නම්

🌸 ඒත්

🖤 යාලුවෝ ඇහැරෙන්න කලින් කාමරේට නොගියොත් ඔයාට අවුලක් වෙයි

🦊 ඔව් ඔයා යන්න....

🐹 ඒ....මේක ඇදන් යනවා

ජුලියන් කිව්ව කතාව ඇත්ත නිසා මම යන්න හදද්දි එයා ඉගි කරේ ඔක්කොම එයා බලාගන්නම් කියලා මම එලියට යන්න හදද්දිම යූවී එයා ඇදන් හිටිය ජැකට් එක ගලවලා මගේ ඉන ගාවින් ගැට ගැහුවා

මන් මුකුත් කියන්න කලින් විකී මාව එලියට තල්ලු කරා ජුලියන් සීන් එක සේප් කරයි කියලා හිතුන නිසා ජුලියන්ගේ ශර්ට් එකයි යූවිගේ ජැකට් එකයි දෙකම ඇදගෙන මම කාමරේට ගියා

🌼 එමී...කොහෙද ගියේ

සා..සොක් තුන් දෙනාම නැගිටලා

🌸 මේහ්....මම උදේ ජුලියන්ව බලන්න ගියා

🌻 ආ.... ගිහින් ඉක්මන්ට වොශ් එකක් දාන් එන්න දහය වෙද්දි අපිට එන්න කිව්වා

නේහා මන් දිහා අමුතු විදිහට බලද්දි මම වොශ් රූම් එකට ගියා අයියාගේ ජැකට් එක ආය එයාට දෙන්න තිබ්බත් ජුලියන්ගේ ශර්ට් එක නම් දෙන්න තියා හෝදන්නවත් මගේ හිතේ අදහසක් තිබ්බේ නෑ ඒක ජුලියන්ගේ සුවදයි එයාගේ සෙන්ට් එකේ සුවද දාඩිය සුවද ඔක්කොම මේ සුදු පාට ශර්ට් එකේ තියනවා මම ඒක හිමීට නවලා බෑග් එකට දාගෙන වොශ් එකක් දාන් එලියට ආවා ඒ එද්දි අනික් ඔක්කොම යන්න ලෑස්ති වෙලා ඊලගට යන්න තිබ්බේ බීච් එකට මන් ආසම ආස්‍යි

🌼 ඉක්මන්ට යමූ

අපි ඇදුම් බෑග් එව්වා මෙව්වා ඔක්කොම ආය බස් එකට පැටෙව්වා මම බෑග් එක දාන්න යද්දිම මට කලින් ආපු ජුලියන් ඒක බස් එකට දාලා මා එක්කම බස් එකට නැග්ගා

🌸 ඔයාට අයියලා බැන්නද

🖤ම්ම්ම්

🌸 බැන්නද

🖤 හ්ම්ම්ම්

ජුලියන් සද්ද නොකර මගේ උරහිසට ඔලුව තියාගෙන නිදාගත්තා මන් හින්දා අයියලා එයාට බැන්නා වත්ද එයා එහෙම ඉද්දි මට මොකක්ද වගේ සාමාන්‍යෙන් චූටි අයියලා දෙන්නා එහෙම බනින්නේ නම් නෑ ඒත් ජුලියන් වෙනදට ඔහොම නෑනේ







Rose Of Knights ✔️Where stories live. Discover now