<26>

193 15 2
                                    

🌸 ඔව් කියන්න නේහා..... ආ....ඔයා ආවේ පරාජය බාර ගන්නද මම ටිකට්ස් ගත්තනේ

මමත් ඉදගෙන හිටිය විදිහටම ඉදගෙන් මන් ඉස්සරග හිටන් ඉන්න නේහා දිහා බැලුවා පන්තියේ ලමයි ඔක්කෝගෙම අවදානේ තිබ්බේ අපේ පැත්තට

🐛 තමුසේ ඒ ටිකට් ගත්තෙ කොහොමද කියනවා

🌸 ඇයි මොකද....කොහොම හරි මම ගත්තනේ

🐛 කාව ගෙදරට ගෙන්නගෙනද ටිකට් ගන්න සල්ලි හොයා ගත්තේ

🌸 හහ්...මම විකීව ගෙදරට ගෙන්න ගත්තේ ඇයි

මේකයි ඇත්ත කතාව මම විකීගේ ගෙදරට ගිහිල්ලා ටිකට් ගත්තා උනත් ඒ ගේ විකීගෙ විතරක් නෙමේ අයියල ඔක්කෝගෙමනෙ අයියලගේ කියන්නේ මගේ වගේ තමා ඉතින්

🐛 විකී රෝස මලක් දුන්නා කියලා ඔච්චර හීන මවන්න එපා....එයා තමුන් වගේ අනාත කෙල්ලෙක්ගේ ගෙයක් අස්සට එන්නෑ

මේන් බලන්නකෝ මෙයා කියන කතා....ඊයේ කොන්සට් එක ඉවර උන ගමන්ම විකී ආවෙත් මගේ ගෙදරට මේ වෙලාවට තමා යෝද බල යෝද සක්තිය අරන් ඩෙස් එක උස්සලා දෙන්න හිතෙන්නේ

🌸 ම්ම්ම් මට අමතක උනා ගයිස්... ඔයාලා දන්නවද විකී මට රෝස මලක් දුන්නා...මේ පැත්තේ වැඩිය පේන්න නැති වයින් කලර් එකයි වයිටුයි මික්ස් උන එකක්.... තෑන්ක්ස් නේහා මතක් කරාද

🐛  හාහ්..... විකී ගාව වැඩ කරන කෙනෙක් එෆෙයා එකක් තියනවා නේද ම්ම්ම් එහෙමනේ ඔය ඔක්කොම කරගත්තේ

🌸 ඔයා කොහොමද මගේ එෆෙයා ගැන කියන්නේ

🐛 එදා රෑ වැස්සේ තමුන්ගේ ගේ අස්සට ආව කොල්ලයි එදා කඩේට ආව කොල්ලයි ලගදි නලලට කිස් එකක් දීලා ගිය කොල්ලයි එක්කෙනෙක්ද

🌸 නෑ තුන් දෙනෙක්.... කොහෙත්ම එක්කෙනෙක් නෙමේ

අර බකමූනා වගේ ඉන්න ජුලියනුයි හොස්ස ලගින් මැස්සා යන්න බැරි දෙවනියි අහින්සක ලොකුයි කොහෙත්ම එක වගේ වෙන්න බෑනේ

🌸 ඒ කොල්ලෝ තුන් දෙනෙක් ඒත් එක්කෙනෙක්වත් මගේ බෝයිෆ්‍රෙන්ඩ් නෙමේ

🐛 වටේ යන අයට මොන බෝයිෆ්‍රෙන්ඩ් ලද නේ

නමය අට හත හය..... 

Rose Of Knights ✔️On viuen les histories. Descobreix ara