<23>

153 11 0
                                    

පන්තියට ගිය වෙලේ ඉදන් මම මුකුත් දන්නෙ නෑ වගේ පොත දිහා බලන් හිටියා ක්ලාස් එකේ ලමයි කියන එක එක ඒවා ඇහුනත් මම ගනන් ගත්තෙ නෑ

🐛 හේයි....හෙට කොන්සට් එක ඔයාට ටිකට් ගත්තද

ගුඩ් ජොබ් නේහා ඔයා ඕක අහනකල් තමයි මම බලාගෙන හිටියේ නේහා මගේ මේසේ ඉස්සරහ අත් දෙක බැදගෙන ඉද්දි එයාගෙ වටේ ඉන්න කෙල්ලො ටික මට පේන්න ටිකක් වලින් පවන් ගගගා හිටියා
මාත් පොත පිටිපස්සෙ තිබ්බ ටිකට් තුන අතට අරන් සද්දෙන් මේසෙ උඩින් තිබ්බේ නේහාගේ වගේම ක්ලාස් එකේ ඔක්කොගෙම ඇස් උඩ යද්දි මොකද හැමෝම දන්නවා විකීගේ කොන්සට් එකේ ෆස්ට් ක්ලාස් ටිකට් එකක් තියා නිකන් ටිකට් එකක් ගන්නත් අමාරුයි කියලා ඒත් ඒක මට හරීම සුදු දෙයක්

🐛 වට්....මේවාත් බොරු ඒවද

🌸 අපි කොන්සට් එකේදි හම්බෙමු නේහා

🐛 ඕකේ....ඕවා බොරු ඒවා කියලා මට නම් සීයට අනූ නවයක් ශුවර්

🌸 ඒ කියන්නේ ඔයා සීයට එකක් හිතනවා මේක ඇත්ත කියලා

නේහා ආය ගස්සන් පුප්පන් යද්දි මම ටිකට් දෙකක් යූරා නෝරා දෙන්නට දුන්නා

🌼 ඇත්තටම කොහෙන්ද ඔයා ටිකට් හොයාගත්තේ

🌸 ඇතුලේ මගේ යාලුවෙක් ඉන්නවා

🌻 තෑන්ක්ස් හොදේ

🌸 ඒක ගානක් නෑ එහෙනම් හයට සෙට් වෙමූ

යාන්තම් ඒ වෙලාවේම ටීචර් ආවා නැත්තම් මට ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වෙනවා
දවසක මේ රහස ලෝකෙට එලි උනාම මොන වගේ දෙයක් වෙයිද???
ඒක මම කොච්චර කල්පනා කරත් සැලකිය යුතු උත්තරයක් නම් මට හම්බෙන්නෙ නැ



___________________________



කොන්සට් එකට යන්න ඔක්කෝම ලෑස්ති කරන් මාත් ලෑස්ති වෙලා ගෙදර ගේට්ටුව ගාවට වෙලා හිටියේ නෝරා යූරා දෙන්නා මාව ගන්න එනකල්

🖤 කලුවර වැටිලා තියෙද්දි තමුසෙ කොහෙද යන්නේ

🌸 මම කොන්සට් එකකට යනවා....මේහ් සංගීත සංදර්ශනයක් දොරවල් වහන් නිදාගන්න මම එන්න පරක්කු වෙයි

🖤 මොන මගුලෙ ගියත් මට කමන්නෑ එකොලහට කලින් ගෙදර එනවා

මට තර්ජනයක් දාගෙන එයා ආය ගේ පැත්තට ගියා ය්කෝව් වෙලාවකට හිතෙනවා මේ ඉන්නේ අයියලා එවපු ඔත්තුකාරයෙක් කියලා මාර සැරක්නෙ තියෙන්නෙ මතකෙ නැති උනාට කට නම් තිනවා නිකම් මැරයෙක් වගේ..... මොනා උනත් එකොලහට කලින් ගෙදර එන්න ඕන එයාර බයකට නෙමෙයි රෑ වෙනකල් එලියේ ඉන්න හොද නැති හින්දා

Rose Of Knights ✔️Where stories live. Discover now