Episode 02

1.4K 174 1
                                    



" මන් කොහොමද ඔප්පා BTS ඩෝම් එකේ ඉන්නෙ. කවුරුහරි දැනගත්තොත් එහෙම මොනව වෙයිද"

ජින් කියන කිසිම දෙයක් ජේහිට හිතා ගන්න බැරි වුණා.

" ඉතිං ජේහි අපි හත් දෙනා ඇරුණම ඒකෙ වෙන කවුරුවත් නෑ. අපි කැමති නැති නිසා කම්පැනි එකෙන් ස්ටාෆ් එකේ කාවවත් ඩෝම් එකට එවන්නෙත් නෑ. ඉතිං කොහොමද ඔයා ඩෝම් එකේ ඉන්නවා කියලා කවුරුහරි දැනගන්නේ."

ජින්ගෙ පිළිතුරෙන් සෑහීමකට පත් වෙන්න ජේහිට බැරි වුණා. ඒක හින්දයි කෙල්ල නම්ජූන්ගෙ අදහස බලාපොරොත්තුවෙන් ඔහු දිහා බැලුවෙ.

" ජින් හියුන් කියන දේත් ඇත්තක් තියෙනා ජේහි. අනික ඔයා වෙන තැනක හිටියොත් මට වුණත් ඔයාව නිතර බලන්න එන්න වෙන්නෙ නෑ. මොකද කවුරුහරි දැක්කොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා. ඉතිං ඔයා අපේ ඩෝම් එකේම හිටියොත් මට ඔයා ගැන බලන්නත් ලේසියි."

නම්ජූන්ටත් වැඩිපුරම ඕනි වුණේ තම සහෝදරියව තමන් ලගින්ම තියාගන්න නිසා ජින්ගෙ අදහසට ඔහුත් එකඟ වුණා.

" ඒත් ඔප්පා.... මන් එහෙ ඉන්නවට අනිත් අය කැමති වෙයිද?"

ජේහි කතා කළේ වාහනයේ පිටුපස අසුනට බර වෙලා දිගු සුසුමක් හෙලන ගමන්.

" මට විශ්වාසයි එයාලා ඒකට කැමති වෙයි."

ජින් ලොකු විශ්වාසයකින් එහෙම කියලා වාහනය ඩෝම් එක දෙසට ධාවනය කරන්න පටන් ගත්තා.

මෙයාලා එනකොට ටිකක් රෑ වෙලා තිබුණා. ඩෝම් එක ළගට යනකන්ම වාහනය තුළ තිබුණේ දිගු නිහඬතාවයක්. මොකද ජේහිව ඩෝම් එකේ නතර කර ගන්න අනෙක් සාමාජිකයන්ගේ කැමැත්ත ලැබෙයි දෝ කියලා සැකයක් නම්ජූන්ගේ හිතේ තිබුණා වගේම තමන් ජින්ගේ අදහසට එකඟ වෙලා කලේ හරිදේද යන්න පිළිබඳවත් නම්ජූන් හිටියේ දෙගිඩියාවෙන්. ජින් ඔවුන්ගේ නවාතැන අසල වාහනය නතර කරලා නම්ජූන් එක්ක ඩෝම් එක ඇතුළට ගියේ ජේහිව වාහනයේම නවත්තලයි.

ඩෝම් එක ඇතුළට එනවත් එක්කම දැක්කේ  විසිත්ත කාමරයේ තියෙන සෝෆා එකේ වාඩි වෙලා ටීවී බලන ගමන් හිටපු ජිමින් සහ ටේහියුන්ව. ඒ පැත්තට යන්න හදනකොටම ජින් නම්ජූන් දෙන්නව ටේහියුන් දැක්කා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now