Episode 31

1K 149 2
                                    

ශූට් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා හැමදේම අස් පස් කරලත් ඉවර වුණාට පස්සෙ සේහිගෙ උපදෙස් පරිදි අවසන් වතාවට ජන්කුක්ගෙ ඩ්‍රෙසින් රූම් එක චෙක් කරලා යන්නයි ජේහි ආවෙ. බාගෙට ඇරලා තිබුණු දොර නිසා කවුරුවත් රූම් එක ඇතුළෙ නෑ කියලා ඇය හිතුවා. ඒත් දොරෙන් ඇතුල් වෙන්න හදනකොටම දකින්න ලැබුණු දෙයින් ජේහිගෙ මුලු ඇගම පණ නැති වෙලා ගියා. වැටෙන්නෙ නැතිව බේරෙන්න බිත්තියට එක අතක් තියාගෙ බර වුණත් ඇගේ දෑස් තවමත් යූමි හා ජන්කුක්ගෙන් අහකට ගන්න බැරි වුණා.

" I love you jungkook "

කාමරය ඇතුළෙන් ජේහිට ඇහුණු එකම දේ ඒක. ඒත් එක්කම ඇය දැකපු එකම දේ ජන්කුක්ගෙ අතට යූමිගෙන් ලැබුණු කිස් එක. ඔලුවෙ ඇතුළෙ හෙනයක් පුපුරනවා වගේ දැනෙද්දි ඇයට තවත් ඒ දිහා බලන් ඉන්න බැරි වුණා. ඒත් ඇගේ මනසට ඕනි දේ ක්‍රියාවට නංවන්න තරම් ශක්තියක් සිහියක් ඒ වෙලාවෙ තිබුණෙ නෑ. කිසිම දෙයක් නොදැක්ක ගානට මෙතනින් යන්න ඕනි වුණත් ඒ වෙනකොටත් ඇගේ හදවත මේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න පටන් අරන් ඉවරයි. පාලනය කර ගන්න බැරි විදිහට ඇගේ ශරීරය හැසිරෙද්දි ඇස් වලට උණපු කදුලු ඇයට දැනුනෙවත් නෑ. තාමත් ඇය නොසෙල්වී කාමරයේ ඇතුළත ඇති අමිහිරි දර්ශනය දිහා බලන් හිටියා. ඒත් එක තත්පරයකට නොසිතූ ලෙස ජන්කුක්ගෙ ඇස් ජේහිගෙ ඇස් ලග නතර වෙද්දී ජේහිගෙ හිත කිව්වේ ඒ බැල්ලමවත් දැන් එයාට අයිති නෑ කියලයි. මනස පුරා දෝංකාර දුන් ඒ සිතුවිල්ල නිසා ඇය එතනින් දිව්වේ ජීවිතයේ ලොකුම අහිමිවීමට මුහුණ දෙන්න හිතාගෙනයි.

ජේහි එතනින් යනවත් එක්කම ජන්කුක් අකමැත්තෙන් වුණත් එයාගෙ අවධානය යූමි වෙත යොමු කරන්න හිත හදා ගත්තා. මොකද ආදරය කරනවා කියන්නෙ වැරැද්දක් නෙමෙයි. එහෙම බැලුවම යූමි මෙතන වැරැද්දක් කරලා නෑ. ඒත් ජන්කුක්ට ඕනි වුණා තවත් ඇයට බලාපොරොත්තු නොදී ඒ හැමදෙයක්ම මේ දැන්ම මෙතනදිම ඉවරයක් වෙනවා දකින්න.

" යූමි ඔයා මගෙන් සමාව ගන්න ඕනි නෑ. මමයි ඔයාගෙන් සමාව ගන්න ඕනි. මොකද මට ඔයාට ආදරේ කරන්න බෑ යූමි."

යූමිගෙ ග්‍රහණයේ තිබුණු තමන්ගෙ අත ගනිමින් ඒ වෙනුවට ජන්කුක් එයාගෙ අත් දෙකෙන්ම යූමි අත අල්ල ගනිමින් කතා කළේ මොන දේ වුණත් යූමිගෙ හිත රිද්දන්න කොල්ලට ඕනි වුණේ නැති නිසයි.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now