Episode 28

1K 129 9
                                    


" ඔප්පා මේ මොකද්ද."

මෙච්චර වෙලා කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටපු ජේහි වගේම අනිත් අයත් නම්ජූන් දිහා බැලුවා.

" මේ තමයි ඔයාගෙ අලුත් ගෙදර යතුර"

" අලුත් ගෙදර?? "

නම්ජූන්ගෙ වචන ජේහිට විශ්වාස කරන්න බැරි වුණා. මෙහෙන් යන්න ඕනි බව දැනන් හිටියත් මෙච්චර ඉක්මනට නම්ජූන් තැනක් හොයාගනියි කියලා ජේහි කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ. ඒත් අනිත් අය නම් හිතන් හිටියෙ ඊට වඩා ටිකක් වෙනස් විදිහට. නම්ජූන් එදා එහෙම කිව්වත් පස්සෙ ඒ අදහස අතැහැර ගනියි කියලයි ඒගොල්ලො නම් හිතුවෙ.

" ඒ කියන්නෙ ජේහි මෙහෙන් යනවා."

සිද්ද වෙන දේ තේරුම් ගන්න පුලුවන් වුණු ගමන් ටේහියුන් මහ හයියෙන් කෑගහපු විදිහට කාමර වල ඉදපු අනිත් කට්ටියත් එළියට ආවා.

" කවුද යන්නෙ. කොහෙද. මොකද වෙලා තියෙන්නෙ."

ජේ හෝප් ප්‍රශ්න වැලක් එකපාර අහගෙන පඩිපෙළ දිගේ දුවගෙන පහළට ආවේ මෙතන වෙන්නෙ මොකද්ද කියලා හරියට දැන ගන්නයි.

" හොබී හියුන් ජේහි ඇත්තටම මෙහෙන් යනවා."

ජින් හා යුන්ගිත් මේ කට්ටිය හිටපු තැනට එන අතරේ ජිමින් කිව්වේ ජේහි අතේ තිබුණ යතුරත් අරන් පෙන්නන ගමන්.

" ඒයි ඔයාලා නිකන් හැසිරෙන්නෙ මෙයා මෙහෙන් යන එක අද දැනගත්තා වගේනෙ."

තමන්ගෙ වටේ පුදුම වෙලා තියෙන මූණු සෙට් එක දිහා බලාගෙන නම්ජූන් කිව්වෙ හිනා වෙවී. හැබැයි ඉතිං නම්ජූන්ගෙ හිනාවට ටේහියුන්ට නම් මල පැන්නා.

" ඔයා කොහොමද මෙච්චර ඉක්මනට තැනක් හොයා ගත්තෙ. පොඩ්ඩක් කල් අරගෙන හොදට හොයලා බලන්න තිබුණානෙ. අනික ජේහිට තාම සෝල් හුරුත් නෑ. එහෙම එකේ තනියම ඉන්න දෙන එක හොදද. ඔයාට නම් මාර හදිස්සියක් තියෙන්නෙ හියුන්."

" යාහ්.. ටේහියුන්. අමතක වුණාද ජේහි කියන්නෙ මගේ නංගි. ඔයාට වඩා මන් එයා ගැන දන්නවා."

නම්ජූන් උස් හඩින් කිව්ව වචන වලට ටේහියුන්ගෙ කට වැහුණා.

" දැන් කොහෙද මේ එපාර්ට්මන්ට් එක තියෙන්නෙ."

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now