Episode 15

1K 175 14
                                    


ටැක්සියෙන් ඇවිත් බැස්ස ගමන්ම ඩෝම් එක ඉස්සරහ නතර කරල තිබුණ සේජින්ගෙ වාහනය අදුරගන්න ජන්කුක්ට අමාරු වුණේ නෑ. ගෙට ඇතුලු වෙන දොර ඉස්සරහ හිටගෙන ෆෝන් එකත් කනේ ගහන් සේජින් හිටියෙ ලොකු කල්පනාවක. තමන් ලගට එන ජන්කුක්ව දැක්ක ගමන් සේජින් පුදුම වුණේ මේ වෙලාවෙ කිසිසේත්ම ඔහුව බලාපොරොත්තු නොවුණු නිසයි.

" ජන්කුක් "

සේජින් පුදුමයෙන් ඇහුවේ කතා කර කර හිටපු කෝල් එකත් කට් කරන ගමන්.

" හියුන් ඔයා මොකද මෙහෙ. මං මේ අර document file එක අරන් යන්න කියලා ආවෙ."

" ආහ්... මාත් මේ ඒකට නම් තමා ආවෙ. ඒත් මට දැන් ආපහු company එකට යන්න වෙනවා."

" ඇයි හියුන් මොකක් හරි හදිස්සියක්ද"

" මං හිතන්නෙ ඔයා ආවට පස්සෙ ටේහියුන් ප්‍රැක්ටිස් කර කර ඉද්දි එයාගෙ කකුලට මොකක් හරි වෙලා. ටිකක් අමාරුයි මන් ඉක්මනට යන්න ඕනි. මොකද කරන්නෙ ජන්කුක් ඔයත් මාත් එක්කම එනවද"

" නෑ නෑ හියුන් ඔයා ඉක්මනට යන්න. මන් දැන් ආපු එකේ ෆයිල් එකත් අරන්ම එන්නම්. අනික මට වඩා හියුනුයි එතන ඉන්න ඕනි."

වෙනදට තමන්ගෙ හියුන්ලට විරුද්ධව කාටවත් වචනයක්වත් කියන්න දෙන්නෙ නැති කොල්ලා ටේහියුන්ට අමාරුයි කිව්වත් ගනන් නොගෙන හිටියේ මේක අනිවාරෙන්ම Vmin ජෝඩුවගෙ ප්ලෑනක් කියලා දැනන් හිටපු නිසයි. සේජින් වාහනයත් ඩ්‍රයිව් කරන් එතනින් යනවත් එක්කම ජන්කුක් ගෙට ඇතුල් වුණේ ජේහිව හොයාගෙන.

ගෙට ඇතුල් වෙනවාත් එක්කම ජන්කුක්ගෙ දගකාර සිතුවිලි ආපහු අවධි වුණා. කෙල්ලව බය කරන්න හිතාගෙන ජන්කුක් සද්ද නොකරම ජේහිව හොයන්න පටන් ගත්තා. උඩ තට්ටුවට ගිහින් කෙල්ලගෙ කාමරයෙ බැලුවත් පේන්න හිටියෙ නෑ.  document file එක අරන් ආපහු පහළට ගිහින් හොයනවා කියලා හිතන් කොල්ලා එයාගෙ රූම් එකට ගියා. ෆයිල් එකත් අතට අරන් ආපහු හැරෙනකොට තමා දැක්කෙ ඇදුම් කබඩ් එකේ දොර බාගෙට වහල තියෙනවා කියලා. ජන්කුක් හිමින් සැරේ එතනට ගිහින් කබඩ් එකේ දොර ඇරියම දැක්කේ ශර්ට් ටිකක් පිටිපස්සට වෙලා හැංගිලා හිටපු ජේහිව. කොල්ලා ශර්ට් ටික එහාට මෙහාට කලත් තාමත් ඇස් පියාගෙන ගුලි වෙලා හිටපු ජේහිව දැක්කම දුක හිතුණා. ඒ වෙලාවෙ නම් ජේහිව බය කරන්න හිතපු එක ගැන ජන්කුක් ගොඩක් පසුතැවුනා. ඒත් එක්කම හෙමින් හෙමින් ඇස් ඇරපු කෙල්ල තමන්ව අදුර ගත්ත බව ඒ කදුලු පිරුණු මූණේ ඇදුන පුංචි හිනාවෙන් ජන්කුක්ට තේරුණා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now