Episode 35

1.1K 148 6
                                    


අද ප්‍රැක්ටිස් තිබුණෙ දවල් වෙලා වුණත් ඊට කලින් කම්පැනි එකේ මීටින් එකකට යන්න ඕනි නිසා නම්ජූන් උදේම නැගිටලා කිචන් එකට ආවෙ coffee එකක් හදාගන්නයි. ඒත් හිතුවෙවත් නැති විදිහට ඒ වෙනකොටත් හොබී කිචන් එකේ ඉන්නවා දැක්කම ඔහුට සතුටු හිතුණා.

" හොබා මොකෝ උදේම නැගිටලා. "

" මන් අද ස්ටූඩියෝ එකට යන්න කියලා හැදුවෙ. අලුත් ට්‍රැක් එකක වැඩක් තියෙනවා. "

" එහෙමද මාත් තව ටිකකින් මීටින් එකකට කම්පැණියට යන්න ඉන්නෙ "

නම්ජූන් එහෙම කියාගෙනම කිචන් එක ඉස්සරහ තිබුණු ටේබල් එකෙන් වාඩි වුණේ දැනටමත් හොබී දෙන්නටම කොෆී හදලා මග් දෙකකට දානවා බලාගෙනමයි. ටිකකින් හොබී කොෆී මග් දෙකෙන් එකක් නම්ජූන් ඉස්සරහින් තියලා අනිත් එකෙන් උගුරක් බොන ගමන් පුටුවක් ඇදලා වාඩි වුණා.

" ජේහි නැගිට්ටද දන්නෙ නෑ. එයාට යුනිවර්සිටි යන්නත් තියෙනවා කිව්වනෙ."

අතේ තිබුණු ෆෝන් එකෙන් වෙලාව බලන ගමන් නම්ජූන් එහෙම කියලා එයාගෙ ඉස්සරහ තිබුණු කොෆි මග් එක අතට අරන් බොන්න පටන් ගත්තා.

" ම්.. දැන්ම ආවා නම් එයාට මාත් එක්කම යන්න තිබුණා. ඒක නෙමෙයි එක අතකට ජේහි පව් නම්ජුනා "

" ඇයි හොබා එකපාරටම එහෙම කිව්වෙ"

" නෑ ඉතිං එයා ඇත්තටම කවුද කියන එක හංගගෙන ඒ කෙල්ලට නිදහසේ ආදරේ කරන්නවත් පුලුවන්ද.?"

" හ්ම්... ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා හොබා. ඒත් එහෙමයි කියලා ඇත්ත හෙළි කලොත් වෙන්නෙ මිනිස්සු එයා ලගට වාසියට ළං වෙන එක"

නම්ජූන් දිග හුස්මක් හෙලමින් කොෆී මග් එකෙන් තවත් උගුරක් බිව්වා.

" ඔව් ඔව් කිම් නම්ජූන්ගෙ නංගි කියලා දැන ගත්තොත් ජේහිට idiol කෙනෙක් වුණත් මැරි කරන්න බැරි වෙන එකක් නෑ. "

විහිලුවට වගේ එහෙම කියලා හොබී හිනා වුණත් නම්ජූන්ට නම් ඒ කතාවට ටිකක් විතර කේන්ති ගියා.

" ඒක නම් මන් කවදාවත් වෙන්න දෙන්නෙ නෑ. මන් idiol කෙනෙක් නිසා තමයි එයාට දැනුත් හැංගිලා ඉන්න වෙලා තියෙන්නෙ. එයාගෙ හස්බන්ඩ් නිසාත් එහෙම ඉන්න මන් ඉඩ තියන්නෙ නෑ. "

MY YOU ( JK Sinhala Ff )Tahanan ng mga kuwento. Tumuklas ngayon