Episode 19

1K 148 8
                                    


කිව්ව විදිහටම ජන්කුක් ඩෝම් එක ලගට ඇවිත් වාහනය නතර කරලා ජිමින්ට මැසේජ් එකක් දැම්මා.

' මන් ඇවිත් ඉන්නෙ හියුන්'

වැඩි වෙලා බලන් ඉන්න නොදී ජිමින් මැසේජ් එකට රිප්ලයි එව්වා.

' එහෙනම් පුලුවන් තරම් ඉක්මනට කිසිම සද්දයක් නොකර ජේහිව රූම් එකට අරන් යන්න. හියුන්ලා ගැන අපි බලාගන්නම් බය වෙන්න එපා.'

මේ වෙනකොටත් ජේහි ශීට් එකට හේත්තු වෙලා නිදාගෙන හිටපු නිසා වැඩේ තවත් ලේසි වුණා. ජන්කුක් වාහනයෙන් බැහැලා ජේහිව එයාගෙ අත් දෙකෙන් හරහට උස්සගන්න අතරෙ කෙල්ල ඇස් දෙක පියාගෙනම ජන්කුක්ගෙ ගෙල වටා දෑත් යවා ඔහුගේ පපුවට හේත්තු වුණා. ජේහිගෙ ඒ වැඩේට ජන්කුක්ව පොඩ්ඩක් ගැස්සුනත් ඔහු ඒ ගැන වැඩිය හිතුවෙ නැත්තෙ මේ ඒකට වෙලාව නෙමෙයි නිසයි. ජේහිවත් අරගෙන හෙමින් සීරුවේ ගෙට ඇතුල් වෙලා සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න අඩිය තියන ගමන් පඩිපෙළ නැගගෙන කොහොමහරි උඩ තට්ටුවට යා ගන්න නම් පුලුවන් වුණා. ඒත් හිතුවෙවත් නැති විදිහට උඩ තට්ටුවට එනවත් එක්කම මෙච්චර වෙලා නිදාගෙන හිටපු ජේහි ඇස් ඇරියා.

" ජේහිගෙ හීරෝ... ජේකේ..."

මෙහෙම කියන ගමන් ජේහි එයාගෙ අත් දෙකෙන් ජන්කුක්ගෙ කම්මුල් මිරුකුවේ හරියට පොඩි බබෙක් හුරතල් කරනවා වගේ. ජන්කුක් එයාව උස්සගෙන ඉන්නෙ කියලා කෙල්ලට නම් කිසි ගානක් නෑ. ජන්කුක්ගෙ කම්මුල් දෙක රිදුනත් ඒ ගැන හිතන්නෙ නැතුව ඉක්මනට ජේහිව කාමරේට අරන් ආවේ සද්දෙ ඇහුනොත් දෙන්නවම අහු වෙයි කියලා බයටයි.

ඇද උඩින් වාඩි කරවලා දාගෙන හිටපු සපත්තු දෙකත් ගලවලා අන්දවපු ජැකට් එකත් ගලවනකන් කෙල්ල නම් කකුල් දෙකත් වන වනා විකාර කියව කියව ජන්කුක් දිහා බලාගෙන හිටියා.

' මෙයා බලන්නකො මං ඔක්කොම දේවල් කරනකන් බබා වගේ ඉන්න හැටි.'

ජන්කුක් එහෙම හිතන ගමන් කෙල්ලව ඇදේ හාන්සි කරවන්න හදනකොටම ජේහි අත් දෙකෙන්ම ජන්කුක්ගේ මූණ අල්ලගෙන ඒ දිහා බලාගෙන හිටියේ කොල්ලවත් බය කරලා.

" මගේ හැන්ඩ්සම් හීරෝ..."

ජේහි කොල්ලගෙ මූණ දිහා බලාගෙනම එහෙම කියලා ඊළග තත්පරයේ ජන්කුක්ගෙ දෙතොල් වලට නැඹුරු වී ඒවා තම තොල් වල ග්‍රහණයට ගත්තා. ජේහිගෙ දෙතොල් වල ස්පර්ශයෙන් ජන්කුක්ගෙ මුලු ඇගම හිරි වැටුණා. තම දොතොල් අතර දග කරන ජේහිගේ සිනිදු තොල්පෙති වල පහස ජන්කුක්ට හොදින් දැනුණා. ඒත් නොසිතපු මොහොතක සිද්ද වුණු දේ නිසා කොල්ල නම් හිටියේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව ගල්ගැහිලා. තත්පර කිහිපයක් ඒ විදිහට ජන්කුක්ව සිප ගත්තු කෙල්ල අවසානයේ ඇස් දෙකත් පියාගෙනම ජන්කුක්ගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා.

MY YOU ( JK Sinhala Ff )Opowieści tętniące życiem. Odkryj je teraz