Episode 03

1.3K 163 1
                                    



" මට පොඩ්ඩක් කතා කරන්න ඕනි."

ඇදගෙන හිටපු කලු පාට ට්‍රව්සර් එකේ සාක්කු වල අත් දෙකත් ඔබාගෙන ජේහි දිහා එක එල්ලේ බලාගෙන ජන්කුක් කතා කරපු විදිහට කෙල්ල පොඩ්ඩක් විතර බය වුණා. හැබැයි ඒක පෙන්නුවෙ නම් නෑ.

" හරි එන්න ඇතුළට"

ජේහි සම්පූර්ණයෙන්ම දොර විවෘත කරලා ජන්කුක්ට කාමරයට ඇතුල් වීමට ඉඩ සලසා දුන්නත් කොල්ලා කලේ කෙලින්ම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරපු එක.

" නෑ ඕනි නෑ"

' අපෝ තියෙන ආඩම්බරකම. ඒ මදිවට බලාගෙන ඉන්නෙ නිකන් මන් එයාට ලොකු වැරැද්දක් කරලා වගේනේ. මූණෙ තියෙන නපුරු කම.'

ජේහිගේ සිතුවිලි දැහැන බිදුනේ ජන්කුක්ගෙ කටහඩට.

" ඔයා මෙහෙ ඉන්නවා නම් දැනගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඒක කියලා යන්නයි මන් ආවෙ. එකක් තමයි ඔයාට අපේ අවසරයක් නැතුව අපි කාගෙවත් ෆොටෝස් ගන්න බෑ. ඔයා මෙහෙදි ගන්න ෆොටෝස් වුනත් SNS අප්ලෝඩ් කරන්න බෑ. අනිත් එක මන් වැඩිය සද්ද බද්ද වලට ආස නෑ. ඒක නිසා මේ කාමරේ ඉන්න වෙලාවට කිසිම සද්දයක් කරන්න එපා. මොකද ඔයාට වගේ නෙමෙයි මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අනිත් එක මෙහෙ හැමෝටම තියෙන නීතියක් තමයි රෑ දහයට කලින් කොහේ ගියත් එන්න ඕනි. ඔයා කෙල්ලෙක් නිසා මන් හිතන්නෙ රෑ අටට කලින්වත් ආවොත් හොදයි."

ජන්කුක් සමච්චලයට වගේ හිනා වෙලාම තම කතාව අවසන් කලා. හැබැයි ජන්කුක්ගේ ඒ ක්‍රියාවට වගේම කතාවටත් ජේහිට ටිකක් කේන්ති ගියා.

" හරි ඔයා කියලා ඉවරයි නම් මන් යන්නම්."

කෙල්ල එහෙම කියලා දොර වහලා දාන්න හැදුවත් ජන්කුක් එක අතකින් දොර අල්ලලා නවත්තගෙන ජේහිගේ මුහුණට නැඹුරු වෙලා ඒ චූටි ඇස් දිහා බලාගෙන ආපහු කතා කරන්න පටන් ගත්තා.

" කවුද කිව්වෙ මන් ඉවරයි කියලා. තව එකක් තියෙනවා. මේක හොදට මතක තියා ගන්න. කිසිම වෙලාවක මගේ අවසරයක් නැතුව මගේ රූම් එක ඇතුලට එන්න හිතන්නවත් එපා. අඩුම තරමෙ මන් නැති වෙලාවටවත්."

කතා කරලා ඉවර වෙලා ටිකක් වෙලා ජේහි දිහා රවාගෙන බලන් හිටපු ජන්කුක් අන්තිමට ආපහු එයාගෙ කාමරය ඇතුළට ගිහින් මහ හයියෙන් දොර වහ ගත්තා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now