Episode 26

1K 140 7
                                    


ටික වෙලාවක් යනකන් ජේහිටයි ජීහූන්ටයි waiting රූම් එකේ බලාගෙන ඉන්න වුණා. ඒ ටික වෙලාවෙදි කරපු කතාබහෙන් ජීහූන් ගොඩක් මිත්‍රශීලී වගේම ප්‍රියමනාප අයෙක් බව ජේහිට වැටහුණා. මේ දෙන්නගෙ කතා බහ නැවතුනේ රූම් එකේ දොර ඇරගෙන මැදි වයසෙ කාන්තාවක් ඇතුලට ආපු නිසයි.

" මේ ඉන්නෙ ජේහියි ජීහූනුයි නේද? මන් හරිනෙ."

ඇය ඇවිත් ඔවුන් අසලින්ම වාඩි වෙන ගමන් හිනාවෙමින් ඇහුවා.

" ඔව්."

ජීහූන්ගෙ පිළිතුර ඇසීමත් සමග ඇය ලග තිබූ ෆයිල් එකක් ඇරලා company id දෙකක් අතට අරන් කතා කරන්න පටන් ගත්තා.

" මම සේහී. මේ කම්පැනි එකේ artistලගේ costume ඩිසයිනින් සයිඩ් එක බාරව තමයි ඉන්නෙ. ඔයාලා මෙහෙ training වෙන කාලය තුළ ඔයාලගෙ වගකීම තියෙන්නෙ මට. එහෙනම් ඉස්සරහට අනිත් දේවල් ගැන දැන ගන්න පුලුවන්. ඔයාලව සාදරයෙන් මන් Bighit එකට පිළිගන්නවා. මේ තියෙන්නෙ ඔයාලගෙ කම්පැණි id එක. ඔයාලගෙ යුනිවර්සිටි එකෙන් එවපු විස්තර වලට අනුව තමයි අපි ඕක හැදුවෙ. මොනවහරි වැරැද්දක් තියෙනව නම් කියන්න."

ඇය දෙන්නටම කම්පැනි හැදුනුම්පත් ලබා දෙන ගමන් පැවසුවා. හැදුනුම්පතේ සියලු විස්තර නිවැරදි වුණ නිසා ඊළගට ඇය ජේහිව වගේම ජීහූන්වත් කැදවගෙන රූම් එකෙන් එළියට ගියේ එයාලගෙ රාජකාරී ස්තානයට යාමටයි. මේ විදිහට ගිහින් ලිෆ්ට් එක ලගට යනකොටම සේහිට කෝල් එකක් ආපු නිසා ඔවුන් නැවතුණා.

" ආහ්....හරි. මන් දැන් එතනට එන්නම්."

සේහී ඇමතුමේ අනෙක් පස සිටි කෙනාට පවසා කෝල් එක කට් කර ජේහියි ජීහූන් දෙසයි බැලුවා.

" මට පොඩි වැඩකට මීටින් රූම් එක ගාවට යන්න ඕනි. අපි එතනට ගිහින් යමුද. ඔයාලට ප්‍රශ්නයක් නෑනෙ."

" නෑ මිස් සේහි."

ජේහි එහෙම කියලා ජීහූන් දිහා බැලූ විට ඔහුත් එයට එකග වෙමින් හිස වැනුවා. ඊටපස්සෙ සේහී ලිෆ්ට් එක ඇතුළට යනවා වෙනුවට ආපහු හැරී දකුණු පස තිබූ කොරිඩෝව දිගේ දිගටම ගොස් කෙළවරේම තිබූ රූම් එකක් ලග නතර වෙලා එහි දොරට තට්ටු කලා. ඉන් තත්පර කිහිපයකට පස්සෙ ෆයිල් එකක් ගත්ත ටිකක් උස හැඩි දැඩි පිරිමි පුද්ගලයෙක් දොර ඇරගෙන ඇවිත් සේහි එක්ක කතා කරන්න පටන් ගත්තා. ජේහිට ඒ කෙනාව හොදට දැකලා හුරු බවක් දැනුනත් කවුද කියලා එකපාරට මතකෙට ආවෙ නෑ. සේහි ඒ කෙනා දුන්න ෆයිල් එක අතට අරන් ඒක පෙරළගෙන කතාකරන අතරේ ජේහි ජීහූනුත් එක්ක පැත්තකට වෙලා බලන් හිටියා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now