Episode 07

1.1K 140 0
                                    

ජේහිගේ පහරදීම වූයොන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඔහු මද වේලාවක් ගල්ගැහිලා වගේ හිටියේ සිදු වූ දෙය විශ්වාස කරගත නොහැකි නිසයි. නමුත් ජේහිගේ එම ක්‍රියාවට වූයොන්ට ප්‍රතිචාරයක් වත් දක්වන්න ඉඩ නොතියා කෙල්ල මීරාවත් ඇදගෙන එතනින් ගියා.

ෆිල්ම් හෝල් එකෙන් එළියට ඇවිත් ඒ අසල තිබුණු පාර්ක් එකේ බංකුවක් මත වාඩි වෙනකන්ම ජේහි මීරාගේ අත අතැරියෙ නෑ. තවමත් මීරා කිසිම වචනයක් නොකියා ඇගේ කදුලු නවත්වා ගන්න උපරිම උත්සාහයක යෙදෙන බව ජේහිට තේරුණා.

" මීරා ඔයා ඇතිවෙනකන් අඩන්න. පුලුවන් තරම් අඩලා මේ හැමදේම අමතක කරන්න බලන්න."

" ජේ...ජේහි... ම..මම... කොහොමද එයාව අමතක කරන්නෙ. මට ඒක කරන්න බෑ."

මෙතෙක් වෙලා අමාරුවෙන් හිරකරන් හිටපු තම හැගීම් මුදාහරිමින් මීරා අඩන්න පටන් ගත්තා. ජේහිට මීරාව නවත්තන්න ඕනි වුණේ නෑ.  නොසිතපු මොහොතක සිදු වුණු මේ දේවල් මීරාට දරාගන්න අමාරු බව ඇයත් දැනන් හිටියා. ඇය තම මිතුරිය බදාගත්තේ පුංචි හෝ සැනසීමක් ලබා දීමටයි.

" ඔයා තනිවෙලා නෑ මීරා. ඔයාගෙ ඕනිම දේකට මන් ඉන්නවා."

ජේහිව බදාගෙන ඇගේ උරහිස මත මුහුණ හොවාගෙන කදුලු සලන මීරාගේ පිටට තට්ටු කරමින් ඇය පැවසුවා. පැය භාගයක් විතර යනකන් මෙලෙස හඩපු මීරාගේ කදුලු වලට ජේහිගෙ උරහිස් තෙත් වී ඇති බව ඇයට දැනුණා.

" තැන්ක් යූ ජේහි.."

අවසානයේ ජෙහිගෙන් ඈත් වුණ මීරා එසේ පවසා දිගු සුසුමක් හෙලුවා.

" ඔයාට දැන් ටිකක් හරි හොදක් දැනෙනවද මීරා"

" හ්ම්... ටිකක් විතර"

" දැන් ඔයා ගෙදර යන්නද හදන්නෙ"

"හ්ම්..."

" නෑ.. නෑ.. ඒක හරියන්නෙ නෑ. මන් දන්නවා ඔයාට මේ හැමදේම අමතක කරන්න පුලුවන් විදිහක්"

" ඒ කොහොමද "
මීරා ඇහුවෙ පුදුමයෙන්.

" අපි ගිහින් ඇති වෙනක්න් අද සෝජු බොමු. බීලා ඔක්කොම දේවල් අමතක කරමු."

ජේහි එහෙම කියලා මීරාවත් ඇදගෙන ගියේ සෝජු බොන්න හොද තැනක් හොයාගෙන.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now