Episode 16

1K 145 3
                                    

ජන්කුක් ගියාට පස්සෙ ජේහි ආපහු ඩෝම් එකේ තනි වුණා. අද දවසෙ සිද්ද වුණු දේවල් හින්දා තනියම ඉන්න වෙන එකට කෙල්ල පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ. ඒකයි හැමෝම ගෙදර ආවා කියලා ඇහුණු සද්දෙට ඉක්මනින් පඩිපෙළ බැහැල පහළට ගියේ. එතකොටයි ජින්ට වාරු වෙලා අමාරුවෙන් අඩිය තියලා එන ටේහියුන්ව දැක්කෙ.

" ටේහියුන් ඔප්පා, ඔයාට මොකද වුණේ "

ජේහි දුවගෙන ටේහියුන් ලගට ගියේ ගෙදරින් හොදට ගිය කොල්ලට මේ මොකද වුණේ කියලා හිතාගන්න බැරුව. ඒත් එයට පිළිතුරු දෙනවා වෙනුවට ටේහියුන් කලේ දුවගෙන ගිහින් ජේහිව බදා ගත්ත එක.

" ඕ... ජේහියා. ඔයා ගොඩක් බය වුණාද අද"

ටේහියුන්ගෙ එකපාරට හොද වුණ කකුල දැකලා ජේහිට වඩා පුදුම වුණේ හියුන්ලා හතර දෙනයි.

ජින්: " ඒයි ටේ බලාගෙන"

ජේ හෝප්: " ගෙදර ආපු ගමන් කකුල හොද වුණාද"

නම්ජූන් : " වෙන්න බෑ. මෙච්චර වෙලා ඔයා බොරුවක්ද    
                කලේ"

යුන්ගි : " යාහ්.... ටේ මොකද්ද මෙතන වෙන්නෙ"

හැබැයි මේ එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්න කලින් ජිමින් නම් කලේ බිම පෙරලි පෙරලි හිනා වුණ එක. ඒ හිනාව දැක්කම ජන්කුක් හා ටේහියුන් දෙන්නටත් හිනාව නතර කර ගන්න බැරි වුණා. මෙහෙම පිස්සුවෙන් වගේ හිනා වෙන vminkook තුන්දෙනා දැක්කම අනිත් අය මූණට බලා ගත්තේ සිද්ද වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව. බැරිම තැන ජින් කෑ ගහලා බනින්න පටන්ගත්තේ මෙයාලව නවත්තන්න පුලුවන් එකම විදිහ ඒක කියලා දන්න නිසයි.

" තුන් දෙනාම හිනා වෙන්න තරම් මෙතන සිද්ද වුණේ මොකක්ද කියනවා. ඒයි ජිමින් ඔය බිම පෙරෙලෙන එක නතර කරලා නැගිටිනවා. අනික ටේ ඔයාගෙ කකුල ගෙදර ආපු ගමන් හොද වුණේ කොහොමද. ඒ විතරක්ද එකපාරට ගිහින් ජේහිව බදාගෙන බය වුණාද කියලා ඇහුවෙ ඇයි. යාහ්.. ජන්කුකා ඔය පිස්සෙක් වගේ හිනා වෙන එක නතර කරනවා දැන්වත්"

ජින් රැප් එකක් කියනවා වගේ බැනගෙන බැනගෙන ගියපාර තුන්දෙනාම අමාරුවෙන් හිනාව නතරකර ගත්තා. ඊළගට කතා කරන්න පටන් ගත්තෙ ජන්කුක්.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now