Episode 23

995 138 7
                                    


" මට නින්ද යනකන් ඉන්නවද"

ජන්කුක්ගෙ ඇස් දෙක දිහා බලාගෙන ඒ අහිංසක ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න පුලුවන් කමක් ජේහිට තිබුණෙ නෑ. ඒක හින්දා ජන්කුක් ඇදේ වැතිරිලා ඩුවට් එක අස්සට රිංග ගනිද්දි ජේහි ඇද ලග තිබුණ පුටුවෙන් ආපහු වාඩි වුණා.

" ඔයා කියනවා වගේ හැමදේම හොදින් වෙයිද ජේහී"

ජන්කුක් කතා කලේ ඇස් දෙකත් පියා ගෙනමයි.

" ඔව් මට හොදටම ශුවර්. වෙනදා වගේම හෙටත් ඔයාලගෙ ෆෑන්ස්ලා ගොඩක් විනෝද වෙයි."

"හ්ම්...."

" කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා ජේකේ. Idiol කෙනෙක් වුණත් ඔයත් මනුස්සයෙක්නෙ. දැන් ඔය දේවල් අමතක කරලා නිදාගන්න. ඔයාට නින්ද යනකන් කොහෙවත් යන්නෙ නැතුව මන් මෙතනටම වෙලා ඉන්නම්."

එක් වරක් ඇස් ඇරලා ජේහි දෙස බලා හිනා වුණු ජන්කුක් ආපහු ඇස් පියාගෙන නිදාගන්න උත්සාහ කලා.  හැමවෙලේම හිනා වෙලා විහිලු කරලා ඉන්න හැමෝටම වඩා කූල් පෙනුමක් තියෙන BTS සාමාජිකයා තමයි ජන්කුක් කියන්නෙ. ඒත් එයාගෙ පෙනුමයි හදවතයි හරියට අහසයි පොළවයි වගේ. මේ දේවල් වලින් ජේහිටත් මේ වෙනකොට ජන්කුක් කියන්නෙ ගොඩක් සංවේදී කෙනෙක් කියලා තේරිලා තිබුණෙ. හැබැයි ඒ හැම දේකින්ම හිතේ තිබුණ ආදරේ වැඩි වුණා මිසක් දශමයක් වත් අඩු වුණේ නම් නෑ.

' මෙයා දොයිය ගත්තම හරිම cute අනේ. හරි ශෝයි. මට කම්මුල් දෙකෙන් අල්ලලා මිරිකන්න හිතෙනවා. මේ විදිහට හැමදාම ඔයාට නින්ද යනකන් මට ලග ඉන්න පුලුවන් වුණා නම්. ඔයාගෙ හුරතල් මූණ දිහා බලන් ඉන්න පුලුවන් නම්. මට ඔයාව ඕනි ජේකේ. ඒත් මට බයයි මගේ මේ හිතේ තියෙන දේවල් දැනගෙන ඔයා මගෙන් ඈත් වුණොත්. මට ඒක දරා ගන්න බෑ. ඇයි ජේකේ මන් මේ තරම් ඔයාට ආදරේ කරන්නෙ. '

ජේහි එයාගෙ සිතුවිලි වල ඉද්දි ජන්කුක් නම් නිදි දෙව්දුව වැලද ගත්තා. මේ විදිහට ජන්කුක් දිහා බලාගෙන ජේහි කල්පනා ලෝකෙක කොච්චර වෙලා හිටියද කියලා එයාවත් දන්නෙ නෑ. මේ වෙනකොට කොල්ලට හොදටම නින්ද ගිහින් තිබුණත් ජේහිට නම් එතනින් හෙල වෙන්නවත් හිත දුන්නෙ නෑ. ජන්කුක්ගෙ මූණට වැටිලා තිබුණ අකීකරු කෙස් රොදක් අතින් එහාට කරනකොට තමයි එයාට තේරුණේ කොල්ලගෙ ඇග අසාමාන්‍ය විදිහට රස්නෙයි කියලා. එසැනින් නළලට වගේම කම්මුලකටත් අත තියලා බැලුවෙ ඇත්තටම උණ හැදිලද කියලා සැක හැර දැනගන්න ඕනි නිසයි. ජේහිගෙ අනුමානය හරි බව දන්වමින් ජන්කුක් නින්දෙන්ම පුංචි කෙදිරිල්ලකුත් පිට කලා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now