Episode 30

1K 136 21
                                    


ජන්කුක් ඇදලා ගත්තු පාර ජේහි නැවතුණේ ඔහුගේ ඇගට හේත්තු වෙලයි. නොසිතූ වෙලාවක සිදු වූ ජන්කුක්ගෙ ක්‍රියාව නිසා ජේහි හිටියෙ ගොඩක් පුදුම වෙලා. ඒත් එක්කම ඇහුණු විශාල light stand එක වැටෙන සද්දෙට බය වුණු ජේහි ඇස් දෙකත් පියාගෙන ජන්කුක්ගෙ පපුවේ මූණ හංග ගත්තා.

" ඔයා හොදින් නේද"

ජන්කුක්ගෙ මිහිරි කටහඩට ජේහි ඔලුව උස්සලා බැලුවේ උත්තර දෙන්න වුණත් තමන්ට මෙච්චර ළං වෙලා සුරදූතයෙක් වගේ හිටපු ජන්කුක්ගෙ මූණ දැක්කම ඔක්කොම දේවල් අමතක වුණා. ජන්කුක් ලගින් ආපු සුවදට ජේහිගෙ හැගීම් තවත් ඇවිස්සුණා. ඒ ඇස් කෙළින්ම ජේහි දිහාවට යොමු වෙලා තියෙද්දි කෙල්ලට කලබල නොවී ඉන්න පුලුවන් කමක් තිබුණෙ නෑ.

" හ්ම්..."

අමාරුවෙන් ජේහිට කියා ගන්න පුලුවන් වුණේ එච්චරයි. ලැබුණු පිළිතුරෙන් සෑහීමකට පත් වුණ ජන්කුක් ජේහි දිහාවට පාත් වුණේ එයාට නෙක්ලස් එක දාන්න ලේසි වෙන්නයි. ඒත් ජන්කුක් තමන්ට ළං වීමත් සමග ජේහිගේ හද ගැස්ම එන්න එන්නම වැඩි වුණා. කොයිතරම් වැඩි වුණාද කිව්වොත් ජේහි බය වුණා එයාගෙ හද ගැස්ම ජන්කුක්ට ඇහෙයි කියලා. ඒත් ජේහි පුලුවන් තරම් එයාව සන්සුන් කරගෙන ජන්කුක්ට නෙක්ලස් එක දැම්මා. හැබැයි නෙක්ලස් එක දාලා ඉවර වෙනකන්ම ජන්කුක්ගෙ මූණ දිහා නොබලා ඉන්නත් ඇය ප්‍රවේසම් වුණා.

මේ අතරෙ ජන්කුක්ට නම් එයාගෙ ඉස්සරහ හිටපු හුරුබුහුටි කෙල්ල දිහා නොබලා ඉන්න බැරි වුණා. ජේහි නෙක්ලස් එක දාලා ඉවර වෙනකන්ම ජන්කුක් නම් කලේ රතු වෙලා තිබුණු ජේහිගෙ මූණ දිහා බලන් ඉදපු එක. ඒ දිගැටි ඇස් සැරින් සැරේ කලබලෙන් වගේ එහෙ මෙහෙ බැලුවත් චුට්ටක්වත් ජන්කුක් දිහා බැලුවෙ නැති එකට කොල්ලට චූටි දුකකුත් දැනුණා. ජේහිගෙ මූණට වැටිලා තිබුණු කෙස් ජන්කුක්ගෙ දර්ශන පථය අවහිර කරනවා කියලයි එයාට නම් හිතුණේ. ඒ කෙස් රොද අතින් එහාට කරන්න කොයිතරම් ඕනි වුණත් මේ ඒකට වෙලාව නෙමෙයි කියලා ජන්කුක්ගෙ හිත කිව්වා. තමන්ගෙ බෙල්ල වටේ එතිලා නෙක්ලස් එක දාන ජේහිගෙ අත් වෙව්ලනවා කියලා දැනුණ එකෙන්ම කෙල්ල ඉන්නෙ කලබල වෙලා කියලා ජන්කුක්ට තේරුණා. ජේහි මෙච්චර කලබල වෙලා තියෙන්නෙ කලින් එයා කරපු දේ නිසා නේද කියලා මතක් වෙද්දි ජන්කුක්ටත් නොදැනිම කොල්ලාගෙ මූණෙ පුංචි හිනාවක් ඇදුනා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now