Episode 45

1.1K 137 3
                                    


ජන්කුක් ඩෝම් එකට ඇවිත් දොර ඇරන් ඇතුළට යනකොටම දැක්කේ සාලේ සෝෆා එකේ වාඩි වෙලා හිටපු ටේහියුන් හා ජිමින්ව.  දොර ඇරගෙන ඇතුළට එන කොල්ලව දැක්ක ගමන් ජිමින් අතින් ඇනලා ටේහියුන්ට පෙන්නුවත් ටේහියුන් කලේ ජන්කුක්ව දැක්කෙ නෑ වගේ එතනින් නැගිටලා යන්න හදපු එක.

" ඒයි ටේ හියුන් මන් දන්නවා ඔයා මාව දැක්කා කියලා. "

" අපිව ගනන් ගන්නෙ නැති අයට අපි කතා කරන්න ඕනිත් නෑනෙ නේද ජිමිනා. "

යන්න හදපු ටේහියුන් නැවතිලා ජන්කුක් දිහා බලන්නෙවත් නැතුව ජිමින් දිහාවට හැරිලා කිව්ව විදිහටම මේ දෙන්නව අද නම් ශේප් කර ගන්න එක හිතන තරම් ලේසි නෑ කියලා ජන්කුක්ට තේරුණා. කොල්ලා ඒකයි දුවලා ගිහින් ටේහියුන්ව බලෙන් වගේ බදා ගන්න හැදුවෙ.

" මන් දන්නවා ඔය කිව්වට ඔයාලා දෙන්නට මන් නැතුව බෑ"

" යනවා යන්න තමුසෙගෙ බොරු ආදරේ "

ටේහියුන් කෑ ගහන ගමන් තමන්ගෙ ඇගේ එල්ලිලා ඉන්න ජන්කුක්ව තල්ලු කරන්න හැදුවට ඒ මසල්ස් බනියා එක්ක හැප්පෙන්න අසරණ ටේහියුන්ට බෑ.

" ටේ....මීට පස්සෙ අපි දෙන්නගෙ වැඩ වලට මෙයාව නොගෙන ඉමු. "

ජිමිනුත් ජන්කුක්ව සත පහකට ගනන් නොගෙනම ටේහියුන්ගෙ සහයට කතා කලා.

" අයියෝ.... දැන් ඕක අමතක කරන්නකො හියුන්. ඔයාලා දන්නවනෙ මන් ෆෝන් එක රූම් එකේ දාලා ගිහින්. ඉතිං කොහොමද කෝල් කරන්නෙ. "

" වාව් ජන්කුකා ඒක නම් මාර excuse එක. ඔයා හිතුවෙ ෆෝන් එකක් හොයාගෙන කෝල් එකක් දෙන්න බැරි තරමට අපි ඉන්නෙ ගල් යුගයෙ කියලද"

ජිමින් එහෙම කියලා ටේහියුන් එක්කම නෝන්ඩියට වගේ හිනා වුණේ තාමත් මූණත් එල්ලන් ටේහියුන්ව බදාගෙන ඉන්න ජන්කුක් දිහා බලලයි. මෙයාලගෙ මේ සද්දෙට රූම් වල හිටපු ජින් යුන්ගි හොබී තුන්දෙනාත් මෙතනට ආවෙ දෙන්නෙක්ගෙ නෝක්කාඩු මදිවට පස්දෙනෙක්ගෙ ඒවා අහගෙන ඉන්න තැනට අසරණ ජන්කුක්ව පත් කරලයි.

" බලන්නකො ජින් හියුන් අපේ ජන්කුකාට ඩෝම් එකට පාර මතක තිබිලනෙ. "

" යුන්ගි හියුන් ඒ ගමන ඔයාලත් පටන් ගත්තද. "

යුන්ගි දෙස බලාගෙන ජන්කුක් එහෙම කිව්වේ ටේහියුන්ගෙන් ඈත් වෙලා ඊළගට ජින් ළගට ගිහින් ඔහුව ශේප් කර ගන්න හිතාගෙන. ඒත් ඉතිං ජින්ගෙ පැත්තට හැරෙනකොටම අනිත් අය වගේම ඔහුත් සුපුරුදු පරිදි ජන්කුක්ට බනින්න පටන් ගත්තා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now