Episode 10

1.1K 135 1
                                    

"කොහෙද"

" BTS ලගෙ කොන්සර්ට් එක බලන්න"

මීරා දුන්නේ ජේහි කීයටවත් බලාපොරොත්තු නොවූ උත්තරයක්.

" මොකක්"

" අනේ ඇයි ජේහී.... අපි යමුකෝ. ඔයාමනෙ කිව්වෙ මට වූයොන් ඔප්පට පේන්න කැමති දේවල් කරලා ෆොටෝස් අප්ලෝඩ් කරන්න කියලා."

"හරි. ඒත්..."

" ඉතිං ඒක තමා මන් මේ කරන්න හදන්නෙ. මන් මේකට ටිකට් බුක් කලේ ගොඩක් කලින්.  ඒ දවස් වල මන් වූයොන් ඔප්පා එක්ක බලන්න යන්න හිතන් ටිකට් දෙකක් ගත්තා. ඒත් කවුද හිතුවෙ මෙහෙම වෙයි කියලා."

මීරා අන්තිම ටික නම් කිව්වෙ චුට්ටක් විතර දුකින් කියලා ජේහිට තේරුණා.

" හරි හරි අපි යමු"

" ඔය ඇත්තමද. ඒ කියන්නෙ අපි යනවනෙ. මට නම් මේක හිතාගන්නත් බෑ. මන් හිතුවෙ මට තනියම යන්න වෙයි කියලා. තැන්කු යූ ජේහි"

කෙල්ල ජේහිව බදාගෙන සතුටින් කෑ ගහන්න පටන් ගත්තේ වටපිටාවෙ ඉන්න අයවත් පුදුම කරමින්. මීරා මේ තරම් සතුටි ඉන්නවා ජේහි දැක්කෙ ගොඩ කාලෙකට පස්සෙ. ඒකනිසා ඒ සතුට නැති කරන්න ඇයට ඕන වුණේ නෑ. ඒත් එක්කම මේ කොන්සර්ට් එකට නොයා ඉන්න තරම් ලොකු හේතුවකුත් ඇයට තිබුණෙ නෑ.

කොන්සර්ට් එක තිබුණේ seoul olympic stadium එකේ. දෙන්නම යුනිවර්සිටි එකෙන් පිටත් වෙලා ටැක්සියක් ගත්තේ කොන්සර්ට් එක තිබුණු තැනට යන්න පුලුවන් ලේසිම විදිහ ඒක නිසා. පැය බාගයක වගේ ගමනකින් පස්සෙ stadium එක ලගට එන්න මෙයාලට පුලුවන් වුණා.

" මේ මීරා. මට නම් දැන් ටිකක් බඩගිනිත් වගේ."

" හරි එහෙනම් අපි මේ ළග තියෙන රෙස්ටුරන්ට් එකකින් මොනවහරි කමු. මට කොහොමත් තව පොඩි දෙයක් ගන්නත් තියෙනවා."

" ඒ මොකද්ද"

" මන් ඔයාට ඒක පස්සෙ කියන්නම්කෝ"

මීරා කියන මෙලෝ දෙයක් තේරුම්ගන්න බැරුවයි ජේහි හිටියෙ. කොහොමහරි මුළින්ම දෙන්නම රෙස්ටුරන්ට් එකක් හොයාගෙන හොදට බඩ පිරෙනකම් කෑවා. මීරා ඊට පස්සෙ ජේහිවත් ඇදගෙන ගියේ මල් කඩයක් හොයාගෙන. හොද වෙලාවට වැඩි දුර යන්න කලින් එකක් හොයාගන්න මෙයාලට පුලුවන් වුණා. මීරා මල් කඩේට ගිහින් රෝස මලක් අරන් එනවා ජේහි බලන් හිටියෙ පුදුමයෙන්.

MY YOU ( JK Sinhala Ff )حيث تعيش القصص. اكتشف الآن