Episode 29

1K 142 7
                                    

උදේ 9 විතර වෙද්දි හැමදේම ලෑස්ති කරලා ඉවර කර ගන්න පුලුවන් වුණ නිසා ශූට් එකේ වැඩ පටන් ගන්න අඩු වෙලා තිබුණෙ ආර්ටිස්ලා දෙන්නා විතරයි. ටිකකින් ඇරුණු ඩ්‍රෙසින් රූම් එකේ දොරෙන් එළියට ආපු ජන්කුක්ව දැක්කම ජේහිට හුස්ම ගන්න එකත් අමතක වුණා.

කලු පාට ට්‍රව්සර් එකට යට කරලා තිබුණු සුදු පාට ශර්ට් එකේ අත් උඩට නමලා තිබුණේ ජන්කුක්ගෙ අතේ තිබුණු ටැටූ එක හොදින් පේන විදිහටයි. ශර්ට් එකේ උඩ හරියේ ඇරලා තිබුණු බොත්තම් නිසා නිරාවරණය වුණු ශරීරයෙන් හරිම සරාගී පෙනුමක් ඔහුට එක් කලා. රිදී පාට නෙක්ලස් එක අත් වල තිබුණු බේස්ලට් හා ඇගිලි වල දාලා තිබුණු මුදු ඒ විතරක් නෙමෙයි නිතරම දාගෙන හිටපු eye piercing එක කොල්ලගෙ කඩවසම් බව ඕනවටත් වඩා වැඩි කලා. එක අතක් සාක්කුවට දාගෙන අනිත් අතින් ෆෝන් එකත් බලන ගමන් ඇවිදගෙන ආපු කොල්ලා දිහා ජේහි බලන් හිටියේ ජිවිතේ පළවෙනි වතාවට ජන්කුක්ව දැක්කා වගේ. හැම වැඩක්ම පැත්තකට දාලා දවසම වුණත් ජන්කුක් දිහා බලාගෙන ඉන්න පුලුවන් කියලයි ජේහිට නම් හිතුණේ. 

'වාව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'වාව්.. මෙයා කොහොමද මෙච්චර ලස්සන වුණේ. මොනවා වුණත් මගේ first love එක මේ තරම් හැන්ඩ්සම් කොල්ලෙක් වෙයි කියලා නම් මන් හීනෙකින්වත් හිතුවෙ නෑ. ගෙදරදි නම් පොඩි එකෙක් වගේ හුරතල් විදිහට හිටියට අද නම් මාරම හොට්. යාහ්.. ජේකේ ඔයා මාව පිස්සෙක් කරලා තමා නවතින්නෙ.'

ජේහිගෙ සිතුවිලි දැහැන බිදුණේ ටිකකින් එතනට ආපු ලී යූමිව දැක්ක නිසයි. නෙට් රෙද්දකින් ඩිසයිනින් කරපු කලු පාට දිග ගවුමකින් සැරසිලා හිටපු යූමිත් ගොඩක් ලස්සනට පෙනුණා. මුළින්ම ජන්කුක්ව දැකපු ගමන් යූමිටත් අදහගන්න බැරි වුණා. ඇත්තම කිව්වොත් යුමිත් කොල්ලට වශී වුණා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now