Episode 13

1K 135 0
                                    

සිද්ද වුණු දේ හින්දා ජන්කුක්ට රාමෙනුත් අමතක වුණා. මේ මොහොතේ අවශ්‍යම දේ වුණේ තම හැගීම් සන්සුන් කර ගැනීමයි.

' අයිශ්... මොකක්ද ඒ වුණේ. ඇයි මට ඒ වෙලාවෙම බැලන්ස් නැති වුණේ. හරි කමක් නෑ ආපහු ඒ ගැන හිතන්නෙ නැතුව ඉමු. සන්සුන් වෙන්න ජන්කුක්. ඒක හදිසි අනතුරක් විතරයි. එච්චරයි.'

ජන්කුක් එහෙම තම සිතුවිලි පාලනය කර ගන්න අතරේ ජේහි නම් හිතුවේ වෙනස්ම විදිහකට.

' නෑ නෑ එහෙම වෙන්න බෑ. ඒ මගේ first kiss එක. මන් ඊට වඩා රොමෑන්ටික් විදිහට ඒක ගැන හීන මැව්වෙ. අර මෝඩ ජේකේ ඒකත් මගෙන් ගත්තා. නැත්තම් ඒක kiss එකක් නෙමෙයිද. මොනව වුණත් ජේකේගෙ lips මාර soft. මොකක්... මොකක්ද දැන් මන් මේ හිතුවෙ. යාහ් ජේහි දැන් නම් ඔයාට හොදටම පිස්සු. නැත්තම් ඇයි ඔයා එයාගෙ lips ගැන හිතන්නෙ. නැත්තම් මන් මානසික අසහනකාරයෙක් වෙලාද. ඒයි... ඒයි... ජේහි ඔය විකාර දේවල් හිතන්නෙ නැතුව සන්සුන් වෙන්න.'

කෙල්ලට එදා රෑ නිදාගන්න එක නම් හිතුවට වඩා ටිකක් අමාරු වුණා.
.........................................................................

" ඒයි ජේහි නිදාගන්න එපා තාම ලෙක්චර් එක ඉවර නෑ"

ඊයෙ රෑ හරි හමන් නින්දක් ලැබුණෙ නැති නිසා ලෙක්චර් එක මැද ජේහි සැරින් සැරේ නිදි කිරා වැටුණා. මීරා නොහිටින්න කෙල්ල මේ වෙනකොට ලෙක්චර් එක මැද හොදටම නිදි.

" ළමයි හැමෝම හොදට අහගන්න. අදින් ඔයාලගෙ first semester එකේ වැඩ ඉවරයි. හෙට ඉදන් සති 2ක් study leave හම්බෙනවා. ඊටපස්සෙ ඔයාලට Exam තියෙනවා. මතකයිනෙ මන් ඔයාලට කිව්වා මේක හැමෝටම ගොඩක් වැදගත් exam එකක් ඒක හින්දා ඔක්කොමලා මහන්සි වෙලා හොදට පාඩම් කරන්න."

මහාචාර්යවරයා එසේ පවසා යනවාත් එක්කම පංතිකාමරය පුරාම ළමයිගෙ කසු කුසු සද්ද ඇහෙන්න ගත්තා. කවුරුත් exam එක ගැන සතුටු වුණේ නම් නෑ. ජේහිටත් ඒක ඇහුවම තිබ්බ නිදිමතත් නැති වෙලා ගියා.
.........................................................................

කොන්සර්ට් එක ඉවර වුණත් BTSලා එයාලගෙ ඩාන්ස් ප්‍රැක්ටිස් නම් නතර කලේ නෑ. අදත් වෙනදා වගේම පැයක් විතර එකදිගට ප්‍රැක්ටිස් කරපු නිසා දැනුණු මහන්සියට ටේහියුන් බිම දිගාවුණේ හති අරිමින්.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now