Episode 42

1K 133 9
                                    


සිද්ද වුණු දේවල් නිසා ජන්කුක්ට ඊයෙ රෑ නිදාගන්න එක හිතුවට වඩා අමාරු වුණා. හැමදෙයක්ම අමතක කරලා ටුවර් එකට රෙඩි වෙන්න කියලා ජේහි කිව්වත් ජන්කුක්ගෙ හිත තාමත් අවුල් ජාලාවක් වෙලයි තිබුණෙ. දවස පුරාම ප්‍රැක්ටිස් කරලා ඇගට දැනුණ තෙහෙට්ටුවට වගේ නොදැනිම පාන්දර වෙද්දි නින්ද ගිහින් තිබුණට වැඩිය දවල් නොවීම කොල්ලා ඇහැරුණා. පුරුද්දට වගේ නැගිට්ට ගමන් ජේහිට කෝල් එකක් ගත්තත් කෙල්ලගෙ ෆෝන් එක ඕෆ් කරලා තිබුණේ දවස පටන් ගැන්මෙදීම ජන්කුක්ගෙ හිත නරක හැගීමකින් පුරවලයි. එහෙම්ම ෆෝන් එක ඇද උඩටම විසි කරලා ලොකු හුස්මක් පහළ හෙලලා බාත්රූම් එකට ගිහින් කේන්තියටත් එක්කම හයියෙන් දොර වහගත්තා.

ෆෝන් එක දිහා බලාගෙන තාමත් ජේහිට කෝල් කරන්න උත්සාහ කරන ගමන් පහළට එනකොට පඩිපෙළ මගදිම දැක්කේ ජිමින්ගේ අතේ තිබුණ ටැබ් එක දිහා වටවෙලා බලාගෙන හිටපු ජින්, ටේහියුන්, යුන්ගි , හොබී හතරදෙනයි. එයාලා හිටපු සෝෆා එක ලගටම යනකන් ජන්කුක්ව කවුරුවත් දැක්කෙ නෑ.

" මොනවද ඔච්චර අමාරුවෙන් බලන්නෙ හියුන්. "

" ආහ්.. ජන්කුකා ඔයත් ආපු එක හොදයි. ජේහිගෙ ප්‍රෙස් කොන්ෆරන්ස් එක පටන් ගන්න යන්නෙ. "

ජිමින් ටැබ් එක දිහා බලාගෙනම එහෙම කිව්වත් ජන්කුක්ට නම් ඒ කිව්ව දෙයට අවුල් වෙලා තිබ්බ එයාගෙ ඔලුව තව ටිකක් පැටලුණා.

" මොකක්.. මොන ප්‍රෙස් කොන්ෆරන්ස් එකක්ද? කවුද ජේහිට එහෙම කරන්න කිව්වෙ. මොකද්ද මෙතන වෙන්නෙ හියුන්. ප්ලීස්.....දැන්වත් කවුරුහරි මෙතන වෙන්නෙ මොකද්ද කියනවද."

ජන්කුක්ගේ කෑගැහිල්ලට හැමෝම කලබලයෙන් ඒ දිහා බලද්දී යුන්ගි කොල්ලා ලගට ගිහින් කරට අතකුත් දාගෙන කතා කරන්න පටන් ගත්තේ මේ වෙලාවෙ ජන්කුක් කොන්ට්‍රෝල් කරන්න පුලුවන් එයාට විතරයි කියලා දන්න නිසයි.

" ජන්කුකා මුලින් කලබල නොවී ඉන්නකො. අපිත් අද උදේ නම්ජූනා කිව්වම තමයි ජේහි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කරන්න හදනවා කියලා දන්නෙ. අපි හිතුවෙ ජේහි ඔයාට කියන්න ඇති කියලා. "

" එයා මට මුකුත් කිව්වෙ නෑ යුන්ගි හියුන්. උදේ ඉදන් මන් කෝල් කරන්න ට්‍රයි කරනවා. එයාගෙ ෆෝන් ඕෆ්. දැන් කෝ නම්ජූන් හියුන්."

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now