Episode 21

994 140 12
                                    


ජන්කුක්ට තිබුණ වැඩ ගොඩ නිසා කාටවත් නොකිව්වට එයා හිටියෙ ටිකක් විතර ස්ට්‍රෙස් එකේ. අලුත් collaboration එකේ වැඩ නිසා Album එකේ වැඩ ටික හරියට කරගන්න බැරි වෙයි කියලා ජන්කුක් බය වුණා. ඒ විතරක් නෙමෙයි එයා ලී යූමි artist එක්ක කරන සිංදුව ARMYලා කොහොම බාර ගනියිද කියලත් එයා ගොඩක් හිතුවා. මේ දේවල් කාත් එක්ක හරි කතා කරලා පොඩ්ඩක් හිත හදාගන්න ජන්කුක්ට ඕනි වුණත් හියුන්ලට කරදර කරන්න හිත දුන්නෙත් නෑ. මොකද එයාලත් මේ දවස් වල ගොඩක් busy කියලා ජන්කුක් දැනන් හිටියා.

ඔය දේවල් නිසා කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් ජන්කුක්ට නින්ද අහලකටවත් ආවෙ නෑ. බැරිම තැන ස්ටූඩියෝ එකට ගිහින් තනියම සිංදුවක් කියන ගමන් රිලැක්ස් වෙන්න තීරණය කලා. එහෙම ඉන්නකොට තමයි ස්ටූඩියෝ එකේ දොර අස්සෙන් හොරෙන් එබිලා බලන ජේහිව ජන්කුක්ට අහුවුණේ. තනියම හිටපු කොල්ලටත් ජේහිව දැක්කම පොඩි සතුටක් දැනුණා. ඒකයි විනෝදෙන් වගේම සැහැල්ලුවෙන් ජේහි ඉස්සරහ සිංදුව කියන්න පුලුවන් වුණේ.

ජන්කුක් සිංදුව කියලා ඉවර වෙලා මොනිටර් එක ඉස්සරහ තිබුණ පුටුවෙන් වාඩි වෙලා ජේහි දිහාවට හැරුණා.

" දැක්කනෙ කොහොමද මගේ වැඩ හරියට නිකන් mini concert එකක් බැලුවා වගේ නේද"

" හ්ම්... "

ජේහි වැඩි යමක් කිව්වෙ නෑ මොකද මේ වෙලාවෙ එයා හිටියෙ එයාගෙ සිතුවිලි එක්ක වාද කරමින්. එයාගෙ ඉස්සරහ ඉදන් මෙහෙම කතා කරන කොල්ලට එයා ඇත්තටම ආදරය කරනවද නැද්ද කියලා ජේහිට හරියට තේරුම් ගන්න බැරි වුණා. ඇත්තම කිව්වොත් එයා ඒක එකපාරටම පිළිගන්න අදිමදි කලා.

" ඒක නෙමෙයි ඔයා මොනවද මේ වෙලාවෙ ඇහැරන් කරන්නෙ."

" ආහ්.. මට පොඩි බඩගින්නක් හැදිලා මොනවහරි කාලා යන්න ආවෙ."

ජේහි කතා කලේ ජන්කුක්ගෙ ඇස් මග හරින්න උත්සාහ කරන ගමනුයි. ඒ ඇස් දැක්කම තමන් කලබල වෙන බවකුයි ජේහිට දැනුණේ. ඒත් කොහොමහරි වෙනසක් නොපෙනෙන විදිහට ඉන්නත් එයාට ඕනි වුණා.

" ඔයාලට හෙට වැඩ නැද්ද මෙච්චර වෙලා ඇහැරන් ඉන්නෙ."

" තියෙනවා ජේහි. හෙට උදේ 6ට සෙට් එකේ ඉන්න ඕනි. අලුත් මියුසික් වීඩියෝ එකේ ශූටින් පටන් ගන්නවා හෙට."

MY YOU ( JK Sinhala Ff )Unde poveștirile trăiesc. Descoperă acum