Episode 44

1.1K 141 4
                                    


ප්‍රෙස් එක නිසා ඊයෙ රෑ ඉදන්ම හරි නින්දක් නොතිබුණ නිසාත් දවල් ගෙදර ආපු වෙලාවෙත් රෙස්ට් එකක් නොගෙන ජන්කුක්ව හොයන්න වුණ නිසාත් ජේහිට ලොකු මහන්සියක් වගේම තෙහෙට්ටුවක් දැනුණා. කොල්ලටත් වොශ් එකක් දාගෙන ආපහු එන්න පැය භාගයකටත් වැඩි කාලයක් ගියපු හින්දා කවුච් එක උඩ හිටපු ජේහිට මහන්සියට වගේම අතේ වේදනාවටත් එක්කම දන්නෙම නැතුව නින්ද ගියා. ආපහු කෙල්ලව හොයාගෙන ආවම ජන්කුක් දැක්කේ කවුච් එකේ ගුලි වෙලා හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න එයාගෙ සුරංගනාවියව. කවුච් එක ලගින්ම වාඩි වෙලා හුරතල් කෙල්ල දිහා බලාගෙන හිටියත් තමන්ගෙ අත පය නිකන් තියාගෙන ඉන්න තරම් හැකියාවක් ජන්කුක්ට තිබුණෙ නෑ. මූණට වැටිලා තිබුණ කොණ්ඩෙත් එහාට කරලා නළලට පුංචි කිස් එකක් දීලා රෝස පාට වුණු කම්මුලක් හරි ආදරයෙන් පිරිමැද්දා. නාපු ගමන් හිටපු ජන්කුක්ගේ සීතල අත් වල ස්පර්ශයට ජේහිට වැඩි වෙලා යන්න කලින් ඇහැරුණා.

" මන් ඔයාව නැගිට්ටුවද පැටියො. "

" ම්... නෑ... අපි දැන් කොහොමත් ගෙදර යන්න එපැයි කුකී. "

" හ්ම්.... යන්නකලින් අපි මොනවාහරි කාලා ඉමුද. අනික ටිකක් පරක්කු වෙලා අර හය දෙනාගෙ කේන්තිය අඩු වෙනකන් ඉදලා යන එක හොඳයි. නැත්තම් ඔයාගෙ කුකීට ඔයාව මැරි කරන්නත් කලින් අවසන් ගමන් යන්න වෙන්නෙ. "

" කොහොමත් කාලා යන එක හොඳයි. ඔප්පලාගෙ බැනුම් ටික අහන්නත් ඔයාට පණ තියෙන්න එපැයි. "

" බබා.. ඔයත් දැන් මාව විහිලුවකට ගත්තා නෙහ්.. "

කෙල්ලගෙ නහයට තට්ටුවකුත් දාන ගමන් ජන්කුක් හිනා වෙවී එහෙම කියලා නැගිටලා පහළ මාලයට යන්න හදද්දී ජේහිත් ඒ පස්සෙන්ම ගියා.

කිචන් එකට ගියපු ජන්කුක් කබඩ් එක ඇරලා නුඩ්ල්ස් කප් දෙකක් හොයාගෙන වතුර එකකුත් උණු වෙන්න තියන අතරේ ජේහි කිචන් එකේ තිබුණු ෆ්‍රිජ් එක ඇරලා බොන්න මොනවාහරි හොයාගන්න බැලුවා. බනානා මිල්ක් දෙක තුනකුයි ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් වගේම BTS ගෲප් මෙම්බර්ස්ලාගේ පින්තූර තිබුණ අයිස් කොෆී බෝතල් වගයකුත් ෆ්‍රිජ් එක ඇතුළෙ තිබුණා. ජේහි ඉතිං ආයෙ දෙපාරක් නොහිතාම ජන්කුක්ගෙ පින්තූරයක් තිබුණු අයිස් කොෆී බෝතලයක් ගත්තා. හැබැයි කෙල්ල ගන්න කලින් ජන්කුක්ගෙන් අහන්නත් අමතක කලේ නෑ.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now