Episode 25

1K 145 5
                                    


ලෙක්චර් එකේ හිටියත් ජේහි නම් හිටියෙ වෙන කල්පනාවක. Entertainment company එකක traning එකක් හම්බෙනවා කියන්නෙ ෆැශන් ඩිසයිනින් ඉගෙන ගන්න කෙනෙක්ට ලැබෙණ ගොඩක් ලොකු අවස්ථාවක්. මේකෙන් හොද ප්‍රායෝගික දැනුමක් වගේම මේ ක්ශේත්‍රයේ අත්දැකීමක් ලබා ගන්නත් පුලුවන්. ජේහිට schlorship එක හම්බෙන්නෙ Bighit එකෙන් නොවුන නම් ඇය කීයටවත් මේ අවස්ථාව නැති කර ගන්න හිතන්නෙ වත් නෑ. ඒත් මොන වගේ දෙයක් වුණත් ජේහි Bighit එකට එනවට නම්ජූන් කැමති වෙන්නෙ නැති බව හැමවෙලේම ඇයට මතක් වුණා.

ලෙක්චර් එක ඉවර වෙලා ප්‍රොෆෙසර්ගෙ ඔෆිස් එකට ගියෙත් අඩුම තරමෙ මේක විසදගන්න පුලුවන් විදිහක් තියෙයිද කියලා දැන ගන්න.

" සර් මට මගේ schlorship එක වෙනස් කර ගන්න පුලුවන්ද"

ජේහි ඔඩොක්කුවේ තියෙන තමන්ගෙ අත් දෙක දිහා බලාගෙන මේසෙට එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු මැදි වයසේ පුද්ගලයාට ඇහෙන්න කිව්වා.

"වෙනස් කරන්න කිව්වෙ මොන වගේ වෙනසක්ද"

" මං කියන්නේ මට schlorship එක ලැබුණ company එක මාරු කරගන්න පුලුවන්ද."

" ම්.... ඒක නම් කරන්න බැරි වෙයි. මොකද මේක schlorship එකක්නෙ. ඔයා අකමැතිම නම් මේක කැන්සල් කරන්න පුලුවන්. හැබැයි එහෙම කැන්සල් කරනව නම් හෙට දවස ඇතුළත කියන්න. මොකද අනිද්දා ඉදන් ඔයාලගෙ traning පටන් ගන්නවා."

" හරි සර්."

ජේහි ප්‍රොෆෙසර්ගෙ ඔෆිස් එකෙන් පිට වෙලා ආවේ අනිතිම බලාපොරොත්තුවත් අතහැරගෙන.
.........................................................................

BTSලාගෙ කොන්සර්ට් එක හිතුවා වගේම සාර්ථකව ඉවර වුණා. හැමෝම ජන්කුක්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තිබුණා මිසක් එයා ඩාන්ස් නොකරපු එක අඩුපාඩුවක් විදිහට දැකලා තිබුණෙ නැති බව SNS එකේ දාලා තිබුණ දේවල් වලින් ජේහිට තේරුණා. ගෙදර ආපු ගමන් කට්ටියම රූම් වලට ගිහින් රෙස්ට් කරන්න ගත්තෙ හැම කොන්සර්ට් එකකදී වගේම අදත් එයාලා ගොඩක් මහන්සි වුණ නිසා.

පහුවදා උදේම නැගිටලා යුනිවර්සිටි යන්න ලෑස්ති වෙලා පඩිපෙළ බැහැගෙන පහළට එනකොට ජේහි දැක්කේ කිචන් එකේ ඉදන් මොනවහරි හදන ගමන් ඉන්න ජන්කුක්ව. ජේහි එනවා දැකපු නිසා ඔහු කර කර හිටපු වැඩෙත් නතර කරලා ජේහි එක්ක හිනා වුණා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now