ඇදුම් වත් මාරු නොකළ ජේහි ඇදේ වැතිරී දිගු සුසුමක් හෙලුවේ ගත වූ දවසේ සිදු වූ සියල්ලම අමතක කර නිදාගන්න හිතාගෙන.
නින්ද යනකොට පාන්දර වුණ නිසා කෙල්ල නැගිටිනකොට ටිකක් දවල් වෙලා තිබුණා. අද සෙනසුරාදා දවසක් හින්දා කොච්චර නිදාගත්තත් අවුලකුත් නෑ. නැගිට්ට ගමන්ම දැක්කේ මීරා එවල තිබුණ මැසේජ් එක.
' ගුඩ් මෝර්නින් ජේහි.
ඊයෙ දවසට තැන්ක් යූ 😘 'මීරාට රිප්ලයි එකක් යවලා ෆෝන් එකත් පැත්තකින් තියලා නැගිටලා යන්න හැදුවෙ සෝදගන්න. මොකද තාමත් ජේහි හිටියෙ ඊයෙ ඇදුම් පිටින්. ඒත් එකපාරටම මතක් වුණ දෙයක් නිසා ඇය ආපහු ඇදෙන් වාඩි වුණා.
' ජේකේ දැනටමත් ඔක්කොම දේවල් හැමෝටම කියලද දන්නෙ නෑ. එයාල හිතයි මන් නරක ගෑණුළමයෙක් කියලා. නම්ජූන් ඔප්පා අහන ප්රශ්න වලට කොහොමද මන් දැන් උත්තර දෙන්නෙ. ශිට්... අර ජේකේ මෝඩය නම් පුදුම වදයක්. ඒකාටත් ඒ වෙලාවෙම කාමරයෙන් එළියට එන්න ඕනි වුනානෙ. ඔහොම ඉන්න....... එයා මේක කියලා මාව මෙහෙන් යවා ගනියිද. නෑ නෑ එයාට එච්චර දෙයක් කරන්න බැරි වෙයි. මන් හිතන්නෙ නෑ ජන්කුක් එච්චර නපුරු ඇති කියලා.'
ටික වෙලාවක් තම සිතුවිලි එක්ක වාද කරපු ජේහි අවසානයේ බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඇදුමක් ඇදන් ෆෝන් එකත් අරන් කිචන් එක පැත්තට යන්න ලෑස්ති වුණා. සියලු ශක්තිය එක් රැස් කරන් කාමරයෙන් එළියට ආවෙ ඕනි දේකට මුහුණ දෙන්න හිතාගෙන.
පඩිපෙළේ මදක් දුර එනකොට කිචන් එකේ ඉදන් යුන්ගි, ජින් , ජේ හෝප් මේ තුන්දෙනා එකතු වෙලා කෑම හදනවා ජේහි දැක්කා.
" ගුඩ් මෝර්නින් ජේහි"
කිචන් එක පැත්තට එන කෙල්ලව දැක්ක ජින් සුපුරුදු පරිදි ඇයව පිළිගත්තා.
" ගුඩ් මෝර්නින් ඔප්පා."
" කෑම හදල ඉවර වෙනකන් මේක බොන්න"
යුන්ගි කිරි වීදුරුවක් ජේහි වාඩි වෙලා හිටපු මේසෙන් තියලා ආපහු කරමින් හිටපු වැඩේ කරන්න පටන් ගත්තා. මෙයාලා මෙහෙම වෙනදා වගේම වෙනසක් නැතුව හැසිරෙනවා කියන්නෙ එක්කො ජන්කුක් තාම කාටවත් ඊයෙ වුණ දේ කියලා නෑ. එහෙම නැත්තම් කියලා තියෙන්නෙ නම්ජූන්ට විතරයි. මේ ප්රශ්න වලට පිළිතුරු හිතමින් ජේහි හෙමින් සැරේ කිරි එක බොන්න පටන් ගත්තා.
أنت تقرأ
MY YOU ( JK Sinhala Ff )
قصص الهواة" කිසිම ප්රශ්නයක් නැතුව ජේහිට නවතින්න පුලුවන් එකම එක තැනක් මේ සෝල් වල තියෙනවා." " ඒ කොහෙද" " අපේ BTS ඩෝම් එක " Start date - 18/09/2022 End date - 16/11/2022