Episode 22

995 142 4
                                    


BTSලාගේ අලුත් ඇල්බම් එක release කලාට පස්සෙ පවත්වන පළවෙනි කොන්සර්ට් එක යෙදී තිබුණෙ හෙට  නිසා අවසන් වතාවට හැමෝම අද එයාලගෙ performance වල rehearsal කලා. ඒත් ටිකක් වෙලා යද්දි ජන්කුක්ට muscles pain එකක් ඇවිත් පොඩ්ඩක් අමාරු වුණ නිසා ස්ටාෆ් එක වගේම BTS සාමාජිකයනුත් ගොඩක් කලබල වෙලයි හිටියේ.

ජන්කුක්ගෙ කකුලට බැන්ඩේජ් එකක් දාපු ඩොක්ටර් වටේට රැස් වෙලා හිටපු BTS සාමාජිකයන් වගේම එයාලගේ මැනේජර් වුණු සේජින් දිහාත් බලලා ලොකු හුස්මක් හෙලලා කතා කරන්න පටන් ගත්තා.

" මේක දැනට නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි. මං painkillers ටිකකුත් දෙන්නම් එතකොට ඔය තියෙන වේදනාව නැති වෙයි. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජන්කුක්ෂි."

ඩොක්ටර්ගේ මුහුණේ තිබුණ පෙනුමෙන්ම ජන්කුක්ට තේරුණා ඊළගට කියන්න යන දේ නම් එච්චර හොද දෙයක් නෙමෙයි කියලා.

" ඇයි ඩොක්ටර් මොකද්ද ප්‍රශ්නෙ."

" මේකයි ඔයාගෙ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ටිකක් දවස් යනකන් කකුල වෙහෙසන්න හොද නෑ. එහෙම වුණොත් ඔයා හිතනවට වඩා මේක dangerous වෙන්න පුලුවන්. ඉතිං මන් කියන්නෙ ඔයා හෙට කොන්සර්ට් එකේදි ඩාන්ස් කරන්නෙ නැතුව ඉන්නව නම් තමා හොද."

ජන්කුක්ට ඇහුණ දේ එයාට විශ්වාස කරන්නත් බැරි වුණා. එයාලගෙ කොන්සර්ට් එකක ඩාන්ස් කරන්නෙ නැතුව ඉන්නෙ කොහොමද. අනික ජන්කුක් කියන්නෙ ගෲප් එකේ main vocalist. ඒ විතරක්ද එයා තමයි ගොඩක් වෙලාවට center position එකේ ඉන්නෙත්. ඉතිං ජන්කුක්ට ඕනි වුණේ නෑ කවදාවත් කොන්සර්ට් එකකදී ස්ටේජ් එක උඩ ඉදන් sing කරන එක විතරක් කරන්න.

" ඒත් ඩොක්ටර් මන් කොන්සර්ට් එක වෙලාවෙදි විතරක් ඩාන්ස් කරලා අනිත් හැම වෙලාවෙම රෙස්ට් කරන්නම්."

" ජන්කුක්ෂි මන් කියන එක ටිකක් තේරුම් ගන්න. කොන්සර්ට් එකක් කියන්නෙ පොඩි වෙලාවක දෙයක් නෙමෙයි. ඔයාට අඩුම තරමෙ පැය දෙක හමාරක්වත් වෙහෙසෙන්න වෙනවා. ඒක ඔයාගෙ කකුලෙ muscles වලට පොඩ්ඩක්වත් හොද නෑ. ඔයා රෙස්ට් කරන තරමට තමා ඉක්මනට recover වෙන්නත් පුලුවන්."

" ඔව් ජන්කුකා  ඩොක්ටර් කියන දේ හරි. මේක අපේ අන්තිම කොන්සර්ට් එක නෙමෙයිනෙ. අනික ඔයාට sing කරන්න පුලුවන්නේ. "

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now