Episode 11

1K 141 0
                                    


" ඔව් ඔව්.. අපිට ආයි මෙහෙම චාන්ස් එකක් හම්බෙන්නෙ නෑ. ඉක්මනට.....අන්න එයා කිට්ටු වෙනවා."

ජේහිට හිතන්නවත් ඉඩ නොදී මීරා බලෙන්ම ජේහිගෙ අතට රෝස මල දීලා කෑ ගැහුවේ ජන්කුක් හිටපු වාහනේ එන පැත්තට අත දික් කරමින්.

කෙල්ල මේ වැඩේට අකමැති වුණේ එකක් රෝස මල විසි කරනකොට ජන්කුක් අනිවාරෙන්ම ජේහිව අදුරගන්න නිසයි. අනිත් එක ඒ රෝස මල අල්ල ගන්න කෙනා වෙන BTS සාමාජිකයෙක් නොවී ජන්කුක්ම වුණ නිසයි. ඒත් මේ වෙලාවේ තෝර ගන්න වෙන විකල්පයක් නොතිබුණ නිසා රෝස මල ජන්කුක්ට විසි කලා. ජේහි බලාපොරොත්තු වුණා වගේම ජන්කුක් රෝස මල අල්ල ගත්තා විතරක් නෙමෙයි කෙල්ල දිහා බලලා අමුතු හිනාවකුත් දැම්මා.

" ජේහි ඔයා දැක්කද ඒක. ජන්කුක් ඒක අල්ල ගත්තා. මට නම් හිතාගන්නත් බෑ අපි එයාට රෝස මලක් දුන්නා."

මීරා සතුටින් උඩ පැන පැන කෑ ගැහුවට ජේහි හිටියෙ නම් වෙන දෙයක් ගැන හිතන ගමන්.

' ජේකේ හිනා වුණ විදිහට නම් හොදටම ශුවර් එයා මාව අදුරගත්තා. ශිට්... දැන් ඉතිං ඔක්කොම ඉවරයි. මේ මෝඩයා ගෙදර ගිහින් හැමෝටම ඕක කියලා මාසයක් විතර යනකන් මාව බයිට් කරයි. අපරාදෙ ජිමින් ඔප්පා එවලෙ මේ පැත්ත බැලුවා නම් මේ කිසි අවුලක් නෑනෙ.'
.........................................................................

කලින් ස්ටේජ් එකේදී දැක්කේ ඇත්තටම ජේහිද කියලා දැනගන්න ජන්කුක්ට ඕනි වුණා. ඒක නිසයි කොල්ලා stadium එක වටේ යනකොට ඒ හරියෙන් යද්දි හොද විමසිල්ලෙන් ප්‍රේක්ෂකයන් දිහා බලන් ගියේ. ජන්කුක් හිතුවා හරි. ඇත්තටම ඒ හිටියෙ ජේහි. ඒත් ඊළගට වුණ දේ නම් ජන්කුක් කිසිම මොහොතක බලාපොරොත්තු  වුණේ නෑ.

' මොකක්... මේක නම් කීයටවත් වෙන්න බෑ. ගෙදරදි කොයි වෙලෙත් මාත් එක්ක රණ්ඩු කරන කෙනා අද කොන්සර්ට් එකට ඇවිත් මට මලක් විසි කරනවා. අනික රෝස මලක්. වාව්.. කිම් ජේහී ඔයත් නරකම නෑනෙ. මේක නම් මාසයක් විතර කියව කියව අවුස්සන්න පුලුවන් දෙයක්'

හිතට ආපු දගකාර සිතුවිල්ලත් එක්කම ජන්කුක්ගෙ මුහුණේ පුංචි හිනාවක් ඇදුනා. කෙමෙන් කෙමෙන් කාලය ගෙවිලා ගිහින් කොන්සර්ට් එක අවසන් කරන්න BTSලට සිද්ද වුණා. දුකෙන් වුණත් ඔවුන් ARMYලට සමු දුන්නේ ආපහු ළගදිම හම්බවෙන බවට පොරොන්දු වෙලයි.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now