Episode 14

1K 142 1
                                    

' මොකක් සේජින් හියුන් අපේ ඩෝම් එකට ගිහින්. ඉවරයි අද ජේහිත් ගෙදරනෙ'

ජන්කුක් හිතා ගන්න පුලුවන් වුණේ එච්චරයි. මොකක් කරන්නද කාට කියන්නද මේ කිසිදෙයක් එකපාරට ඔලුවට ආවෙ නෑ. එහෙම්ම තත්පර කිහිපයක් ඉදලා කෙලින්ම ඩ්‍රෙසින් රූම් එකට ගිහින් තමන්ගෙ ජැකට් එකයි මාස්ක් එකයි කැප් එකයි අරගෙන එළියට ඇවිත් ටැක්සියක් අරගත්තේ ඩෝම් එකට යන්න හිතන්. මෙහෙම ඩෝම් එකට යන්න ආවත් තමන්ට කලින් සේජින් හියුන්ට BTS නිවසට යන්න පුලුවන් බව කොල්ලා දැනන් හිටියා. ඒත් ඒක වළක්වන්න ක්‍රමයක් එකපාරට මතක් වුණෙත් නෑ. ඒක නිසා ජන්කුක් දෙපාරක් නොසිතා ජිමින්ට කෝල් එකක් ගත්තා.

" ඒයි.. ජන්කුකා කොහෙද ගියෙ මනුස්සයෝ. අපි මේ ඔයා එනකන් බලන් ඉන්නවා ප්‍රැක්ටිස් පටන් ගන්න"

ජන්කුක් හෙලෝ කියන්නත් කලින් ජිමින් කේන්තියෙන් කියවගෙන ගියා.

" හිහුන් මං කියන එක පොඩ්ඩක් අහන්න. හැබැයි මේක අහලා කලබල වෙන්න එපා. මට දැන් ඔයාගෙ උදව් ඕනෙ"

" ජන්කුකා... ඇයි මොකද්ද වුණේ කියනවා මාව බය නොකර"

ජන්කුක් සිද්ද වෙලා තියෙන දේ කෙටියෙන් ජිමින්ට පැහැදිලි කරලා සේජින්ව ආපහු කොහොමහරි ගෙන්න ගන්න විදිහක් බලන්න කිව්වා.

" හරි ඉක්මනට ඩෝම් එකට ගිහින් කෝල් එකක් ගන්න හරිද. මං කොහොම හරි ටේ එක්ම ප්ලෑනක් ගහලා සේජින් හියුන්ව ගෙන්න ගන්න බලන්නම්."

" ආහ්... හියුන් මේ ගැන දැන්ම අනිත් අයට කියන්න එපා එහෙම වුණොත් එයාලා කලබල වෙයි."

ජන්කුක් එහෙම කියලා ෆෝන් එක කට් කලේ ඉක්මනට ජේහිට කෝල් එකක් අරන් මේ ගැන කියන්න හිතන්. ෆෝන් එක රින්ස් ගියත් ජේහි අන්සර් කලේ නෑ. ඒත් කොල්ලා උත්සාහය අත්හරිනෙ නැතුව දිගටම කෝල් ගත්තා.

' ශික්... මේ කෙල්ල හිතලම මගේ කෝල් අන්සර් කරන්නෙ නැද්ද. නැත්තම් කොයි වෙලෙත් ඕක දිහා බලාගත්ත ගමන්නෙ ඉන්නෙ. මොකක් කරනවද මන්දා. ජේහි ප්ලීස් අන්සර් කරන්නකෝ ප්ලීස්....'

ජන්කුක් එහෙම හිතන අතරෙ අන්තිමට කොල්ලගෙ උත්සහය සාර්ථක වෙමින් ජේහි කෝල් එක අන්සර් කලා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now