Episode 38

1K 133 4
                                    


නම්ජූන්ගෙ හිතේ මොනවගේ ප්‍රශ්න ඇති වුණත් මනස කොයි තරම් අවුල් වුණත් ඒ හැම දෙයක්ම තමන් ලගම විතරක් තියාගෙන අනිත් අය ඉස්සරහා සමාන්‍ය විදිහට හැසිරෙන්න ඔහුට පුලුවන් වුණා. සමහරවිට BTSලගෙ ලීඩර් විදිහට මේ වගේ වෙලාවක වැඩ කරන්නෙ කොහොමද කියලා ඔහු අත්දැකීමෙන්ම දැනන් ඉන්න ඇති. බූසාන් වල ඉදන් සෝල් වලට එනකන්ම මේ හැමදෙයක්ම හංගන් හිටියත් ඩෝම් එකට ආවට පස්සෙ තරවදුරටත් ඉවසන් ඉන්න නම්ජූන්ට බැරි වුණා.

ඩෝම් එකට ආව ගමන් හැමෝම තමන්ගෙ කාමර වලට යන්න හැදුවෙ දීර්ඝ ගමනකින් පස්සෙ දැනුණු මහන්සිය නිවාගන්නයි.

" ජන්කුක්, මට පොඩ්ඩක් කතා කරන්න ඕනි."

සාලේ තිබුණ සෝෆා එකෙන් නැගිටලා යන්න හැදුව ජන්කුක් ආපහු නැවතුණේ නම්ජූන්ගෙ කටහඩටයි.

" කියන්න නම්ජූන් හියුන්. "

" මන් කෙලින්ම අහන්නම් ජන්කුක්. ඔයාට ජේහිත් එක්ක තියෙන සම්බන්ධෙ මොකද්ද."

අනපේක්ෂිත විදිහට නම්ජූන් අහපු ප්‍රශ්නෙට ජන්කුක් විතරක් නෙමෙයි කාමර වලට යන්න හදපු අනිත් අයත් එහෙම්ම නැවතුණේ මූණට මූණ බලාගනිමින්. නම්ජූන්ට හැමදෙයක්ම කියනවා කියලා හිතන් ආවත් මේ වගේ තත්ත්වයක් ජන්කුක් කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ.  කතා කරපු විදිහෙන්ම මොකක් හරි දෙයක් නම්ජූන් දැනගෙන කියලා තේරුණත් ඇත්තටම නම්ජූන් දන්නෙ මොකද්ද ඒ වගේම හැම දෙයක්ම එකපාරට කියන්නෙ කොහොමද කියලා ජන්කුක්ට හිතා ගන්න බැරි වුණා. හැබැයි දෙන්නා අතර තිබුණු නිශ්ශබ්දතාවය නම්ජූන්ගෙ කේන්තිය නම් තවත් වැඩි කලා.

" යාහ්.. ජන්කුක්. මන් තමුන්ගෙනුයි ඇහුවෙ. කටපියාගෙන ඉන්නෙ නැතුව උත්තර දෙනවා. තමුසෙ මගෙ නංගි එක්ක මොකද්ද කරන්නෙ. "

නම්ජූන්ගෙ කෑ ගැහිල්ල ජන්කුක්ව කොයිතරම් බය කලාද කිව්වොත් කොල්ලට කියාගන්න වචනවත් හොයා ගන්න බැරි වුණා. මොකද නම්ජූන් මෙච්චර කේන්ති ගිහින් ඉන්නවා දැක්ක පළවෙනි වතාවයි මේ. අන්න ඒක නිසාමයි අනිත් අයත් මුකුත් නොකියා බය වෙලා බලන් හිටියෙ.

" න...න.. ම්... ජුන් හියුන් මම..."

" බොරු නම් කියන්න ලෑස්ති වෙන්න එපා ජන්කුක්. මන් හැමදෙයක්ම දැක්කා. තමුන් මොකද්ද මේ කරන්න හදන විකාරෙ"

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now