Episode 17

1K 149 8
                                    


" ඔයාට මාව මතකද බේබි ගර්ල්"

මෙහෙම කියාගෙන ආවෙ වෙන කවුරුවත් නෙමෙයි වූයොන්. ඒ කියන්නෙ මීරාගෙ කලින් බෝයිප්‍රෙන්ඩ්. මුලු ෆිල්ම්හෝල් එකක් ඉස්සරහා ජේහිගෙන් කනේ පාරක් කෑව මනුස්සයා. හිතුවට එදා ඒ හැමදෙයක්ම ඉවර වුණා කියලා ඇත්තටම එහෙම වෙලා නෑ.

ෆෝන් එක පස්සෙන් දුවන් ආවා මිසක් ආවෙ කොහෙද ඉන්නෙ කොහෙද මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ. වටේටම තිබුණෙ තාප්ප විතරයි. ටිකක් ඈතින් අතැරලා දාපු පරණ බිල්ඩින් එකක් පේන්න තිබුණා. පාරේ පේන තෙක්මානයේ තැනින් තැන දැල්වුණ වීදි ලාම්පු හැර වෙන කිසිම දෙයක් දකින්න තිබුණෙ නෑ.

වූයොන් ටිකෙන් ටික ජේහිට ළං වෙද්දි ඇය ඔහුගෙන් ඈත් වෙන්න උත්සාහ කරමින් හෙමින් හෙමින් පිටුපසට ගියා. එක් පැත්තකින් ෆෝන් එක හොරා ගත්ත පුද්ගලයාත් අනෙක් පැත්තෙන් වූයොන් ඇතුලු අනෙක් මිනිස්සු තුන්දෙනාත් හිටි නිසා මේ උත්සාහය ඇත්තටම හරිම නිශ්ඵල එකක්.  අවසානයේ ජේහි එක් පසෙක බිත්තියකට හේත්තු වීමත් සමග වූයොන් ඇය ලගට ගොස් කෑදර බැල්මක් ඇය වෙත පෑවේ ජේහිගෙ මුලු ගතම වෙව්ලලා යද්දි.

" එන්න එපා ලගට ආවොත් ගහනවා"

ඒත් මෙච්චර ලේසියෙන් වූයොන්ගෙ ගොදුරක් වෙන්න ඇයට ඕනි වුණේ නෑ. ඒක නිසයි එල්ලගෙන තිබුණ බෑග් එක අත්දෙකෙන්ම අල්ලන් අන්තිම මොහොත වෙනකල්ම සටන් කරන්න ඕනි වුණේ.

" ඕ.. මෙයා හරි චන්ඩි කෙල්ලෙක්නෙ. මට කොහොමත් ඔයාගෙ චන්ඩිකම් හොදට මතකයි."

සරදමට මෙන් මහ හයියෙන් හිනා වෙලා එකපාරම ජේහිගෙ අතේ තිබුණ බෑග් එක ඇදල අරන් පැත්තකට විසි කලේ තව තවත් ඇය වූයොන් ඉදිරියේ දුර්වලයෙක් බව සනාත කරමින්.

" මතක තියාගන්න බේබි ගර්ල් ඔයාට මන් එකපාරක් ගහන්න දුන්නට ආපහු පාරක් දෙන්නෙ නෑ"

" මට යන්න දෙනවා."

" ඔව් ඔව් මන් ඔයාව තියාගන්නෙ නෑ ඔයාට යන්න දෙනවා හැබැයි මගේ වැඩේ ඉවර වුණාට පස්සෙ"

වූයෝන් එහෙම කිව්වේ ජේහිගෙ තොල් ඔහුගේ ඇගිලි තුඩු වලින් පිරිමදින ගමනුයි.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now