Episode 24

980 145 4
                                    


උදේම නැගිට්ට ජිමින් වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා ටේහියුන් එක්ක ජන්කුක්ව හොයන් එයාගෙ රූම් එක ලගට ගිහින් වෙනදා වගේම කෙලින්ම දොර ඇරගෙන යන්න හැදුවත් දොර ලොක් කරල තිබුණ නිසා හයියෙන් දොරට තට්ටු කරන්න ගත්තා.

" ජන්කුකා.... ඔයා නැගිටලද ඉන්නෙ."

මේ සද්දෙට ජේහිගෙ වගේම ජන්කුක්ගෙත් අවධානය දොර දිහාවට යොමු වුණා වගේම ඇවිල්ලා ඉන්නෙ ජිමින් කියලත් එයාලට තේරුණා.

" ජිමින් හියුන් ඇවිත්. මං ගිහින් දොර ඇරලා එන්නම්."

ජන්කුක් එහෙම කියාගෙන ජේහිගෙ අත අතැරලා එතනින් නැගිටලා දොර දිහාවට යන්න හදනකොටම ජේහි ඔහුගෙ අතින් අල්ලා නතර කරපු නිසා ජන්කුක් පුදුමයෙන් වගේ ඇය දිහා බැලුවේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව.

" ඒයි ඔයාට පිස්සුද ජේකේ."

" ඇයි?"

" ඇයි කියලා අහන්නෙ මන් ඔයාගෙ රූම් එකේ ඉන්නවා කියලා අමතක වුණාද"

" ඉතිං මොකෝ ජිමින් හියුන් කියන්නෙ ඔයා අදුරන්නෙ නැති කෙනෙක් නෙමෙයිනෙ."

" යාහ්.. ජේකේ. ඔයා තාමත් උණ විකාරෙන්ද කියවන්නෙ. බලන්න ඔයා ඉන්නෙ බාත් රොබ් එක පිටින්. එතකොට මන් තාම ඔයාගෙ ඩුවට් එකත් පොරවන් නැගිට්ට ගමන්. අපි දෙන්නව මෙහෙම දැක්කොත් එයාලා මොනව හිතයිද."

එතකොට තමයි ජන්කුක්ටත් සිද්ද වෙන්න පුලුවන් දේ තේරුණේ. අනිවාරෙන්ම එයාලා දෙන්නව මේ විදිහට දැක්කොත් ටේයි ජිමිනුයි වැරදි විදිහට හිතනවා විතරක් නෙමෙයි ඇත්ත කිව්වත් ලේසියෙන් පිළිගන්න එකක් නම් නෑ කියලා කොල්ලට හිතුණා.

" දොර අරින්නකො ජන්කුකා..."

ඒ ගමන ඇහුණෙ ටේගෙ කටහඩ.

" ආහ්... පොඩ්ඩක් ඉන්න හියුන් මන් මේ ඇදුම් මාරු කරන ගමන්."

එහෙම කිව්ව ජන්කුක් අසරණව ජේහි දිහා බැලුවෙ දැන් මේකට මොකද කරන්නෙ කියලා අහන්න වගේ.

" දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි. මන් අර කබඩ් එක ඇතුළෙ හැංගෙන්නම්. ඔයා ඉක්මනට ඒ දෙන්නව යවන්න බලන්න."

ජන්කුක් හිස වනලා ජේහිගෙ යෝජනාවට එකග වෙනවාත් එක්කම ඇය ඩුවට් එක ආපහු ඇද මතට දාලා කබඩ් එක ඇතුළට රිංගන් දොර වහ ගත්තා. ඊටපස්සෙ ලොකු හුස්මක් ගත්ත ජන්කුක් හෙමිහිට දොර ලගට ඇවිදගෙන ගිහින් එය විවෘත කලා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now