Last Episode

1.5K 179 33
                                    


" ඔයා එහෙම කිව්වම මටත් හිතෙනවා ඒක හොද අදහසක් කියලා. ම්..... හැබැයි ලඟදිම නෙමෙයි මන් හිතන්නෙ මේ දැන්ම මට එයාව අඳුන්වලා දෙන්න පුලුවන්."

" මොකක්...... "

නෑ නෑ එහෙම කිව්වෙ ප්‍රශ්නෙ අහපු රිපෝටර් නෙමෙයි මෙච්චර වෙලා පිටිපස්සෙ ඉදන් කොල්ල නටන නාඩගම දිහා බලන් හිටපු ජේහි. ජන්කුක් උත්තර දීලා ඉවර වෙනවත් එක්කම කෙල්ල ඉඹේම ජන්හූන්ගෙ පිටිපස්සට ගිහින් කවර් වුණේ එන පොට නම් හොඳ නෑ කියලා තේරුණ නිසයි.

" යාහ්... ජන්හූන් ඔප්පා. මේ මෝඩයා මොකද්ද කරන්න හදන්නෙ. පිස්සු හැදිලද අනේ එයාට. "

" ජේහි කලබල නොවී ඉන්නකො. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා. "

ජන්හූන්ගෙ පිටිපස්සට වෙලා කවර් වෙලා ඉන්න ජේහිව කොල්ලා ස්ටේජ් එක උඩ ඉදන්ම දැක්කා. කෙල්ල බය වෙලා ඉන්නෙ කියලා තේරුණත් ජන්කුක් නම් හිටියෙ සතුටින්. මොකද අන්තිමට එයා ගොඩක් කාලෙක ඉදන් පෙරුම් පුරපු මොහොත උදා වෙලා. අතේ තිබුණ මයික් එකත් එක්කම වාඩි වෙලා හිටපු තැනෙන් නැගිටලා නම්ජූන් දිහා බැලුවේ ගෲප් එකේ ලීඩර් විදිහට වගේම ජේහිගෙ අයියා විදිහටත් ජන්කුක්ට ඔහුගේ අවසරය අවශ්‍ය නිසයි. හිතුවා වගේම නම්ජූන් හිනා වෙලා ඔලුව වැනුවේ ජන්කුක්ගෙ කැමැත්තට ඉඩ දීලයි. ඒත් එක්කම ජන්කුක් ස්ටේජ් එකෙන් බැහැලා පිටිපස්සට ඇවිදගෙන ගියේ ප්‍රෙස් එකේ හිටපු හැමෝගෙම අවධානය ඔහුට ලබා ගනිමින්.

තමන් දිහාට අඩිය තියලා එන ජන්කුක් දැක්කම ජේහි නම් හිටියෙ හොඳටම බය වෙලා. කොල්ලා ලඟටම ඇවිත් හිටගත්තත් කෙල්ල ජන්හූන්ගෙ පිටිපස්සට වෙලා ජන්කුක් දිහා බලන්නෙවත් නැතුව හිටියෙ ඒකයි.

" බබා දැන් ඔයා ආවෙ නැත්තන් මන් ඔයාව උස්සගෙන හරි යනවා හොඳද. "

" ඒත්.... මට බයයි. "

" බය වෙන්න එපා මන් ඉන්නවනෙ. "

ජන්කුක් එහෙම කියලා කෙල්ලගෙ අතින් අල්ල ගනිද්දී ජේහිටත් කොල්ලගෙ පස්සෙන් යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ජන්කුක්ගෙ පස්සෙන් ස්ටේජ් එකට යනකන්ම කෙල්ල කලේ බිම බලාගෙන ගියපු එක. වටෙන්ම පෙනුණ කැමරා ෆ්ලෑශස් එළිවලට වගේම හැමෝගෙම පුදුමය පිරිච්ච මූණු වලට ජේහි තවත් කලබල වුණා. කෙල්ලත් එක්කම ස්ටේජ් එක උඩට ආපු ජන්කුක් ජේහිවත් එක අතකින් අල්ලගෙනම අතේ තිබුණ මයික් එකෙන් කතා කරන්න පටන් ගත්තා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now