Episode 36

1.1K 139 6
                                    


නම්ජූන්ව කැමති කර ගැනීමේ වගකීම ජන්කුක් බාරගත්තට පස්සේ ජේහි ආපහු ඒ ගැන වද නොවී එයාගෙ කුකීගෙ ආදරේ ගැන විතරක් හිතමින් කාලය ගත කලා. ඔය විදිහට BTSලාගෙ බූසාන් කොන්සර්ට් එකත් ළං වුනේ හැමෝවම කාර්යබහුල ජීවිතයකට හිර කරමින්. කොන්සර්ට් එක දවසට කලින් දවසේ ස්ටාෆ් එක වගේම BTSලාත් බූසාන් වලට ගිහින් එහෙ බිග් හිට් එකෙන් වෙන් කරලා තිබුණු හොටෙල් එකක නැවතිලා හැම දෙයක්ම හරියට සූදානම් කලා. ජේහිටයි ජීහූන්ටයි නම් මේ වෙන හැමදෙයක්ම අලුත් අත්දැකීමක් වුණත් එයාලත් පුලුවන් උපරිමයෙන් එයාලට පැවරුණු හැම වැඩක්ම ගොඩක් සතුටින් කලා.

කොන්සර්ට් එක දවසෙ උදේම ආර්ටිස්ට්ලා වගේම ස්ටාෆ් එකත් ස්ටේඩියම් එකට ගියේ අන්තිම ස්ටේජ් රියර්සල් එක කරන්න වගේම සවුන්ඩ් චෙක් එකත් කරන්න තිබුණ නිසයි. ඒ දේවල් ස්ටේජ් එක උඩ සිද්ද වෙද්දී බැක් ස්ටේජ් එක ගොඩක් කාර්යබහුල තැනක් බවට පත් වුණේ එහෙ මෙහෙ දුවන ස්ටාෆ් එකේ අයගෙනුයි. මේ අයටම එකතු වෙමින් ජේහි ජීහූන් එක්ක එයාලට පැවරිලා තිබුණ ඩාන්සින් crew එකේ කොස්ටියුම් හරියට ඇරේන්ජ් කලා වගේම එයාලගෙ ස්ටයිලින් ටීම් එකේ වැඩ වලටත් උදව් වුණා.

" ජේහි පොඩ්ඩක් මෙහෙට එන්න පුලුවන්ද"

සේහිගෙ කටහඩට අතේ තිබුණු ජුවලරි බඩු ටිකත් ජීහූන් අතට දීපු ජේහි ඒ පැත්තට ගියේ කරන්න කියන වැඩේ මොකද්ද කියලා බලන්නයි.

" මෙන්න මේ බොක්ස් එක අර දකුණු පැත්තෙ කෙළවරේම තියෙන ඩ්‍රෙසින් රූම් එකට ගිහින් දෙනවද "

හිස වනා ඒ අණ පිළි අරන් මේකප් බඩු වලින් පුරවලා තිබුණු බොක්ස් එක අතට ගත්තු ජේහි ඇවිදගෙන ගියේ සේහි කිව්ව ඩ්‍රෙසින් රූම් එක හොයාගෙනයි.
.........................................................................

කොන්සර්ට් එක පටන් ගන්න තිබුණෙ තව පැයක වගේ කාලයක් නිසා මේ වෙනකොටත් ජන්කුක්ගෙ මේ කප් එක වගේම හෙයාර් ස්ටයිල් එකත් ඉවර කරලයි තිබුණෙ. කොච්චර ස්ටේජ් පර්ෆෝමන්ස් කරලා තිබුණත් තාමත් කොන්සර්ට් එකක් පටන් ගන්න කලින් පොඩි චකිතයක් වගේම නොසන්සුන්තාවයක් හැමදාම වගේ අදත් ඔහුට දැනුණා. ඩ්‍රෙසින් රූම් එක ඇතුළේ තිබුණු කාර්යබහුල වාතාවරණයෙන් මිදිලා හිත පොඩ්ඩක් නිදහස් කර ගන්න හිතන් එළියට ගියාට ඇත්තම කිව්වොත් ජන්කුක්ට එළියට එන්න ඕනි වුණු ප්‍රධාන හේතුව වුණේ එයාගෙ හුරතල් රෝස මලව හොරෙන් හරි බලලා යන්න තිබුණු ආසාවයි.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now