Episode 05

1.2K 157 0
                                    

" ඒක නම් මරු අදහස හියුන්."

ටේහියුන් වගේම ජිමිනුත් මේ වැඩේට උඩින්ම කැමති වුණා. ජන්කුක් අකමැති නොවුනත් කොල්ලා මේ වෙලාවෙ හිටියෙ ජේහි එක්ක මල පැනලා නිසා සිංදු කියන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ. ඒත් බෑ කියන්න බැරි නිසා රූපවාහිනිය ඉදිරියෙ තිබුණු සෝෆා එකේ එක් කෙළවරක ඔහු වාඩි වුණේ කේන්තියෙන්. ජේහිට තිබුණෙත් එවැනිම හැගීමක් නිසා ඇයත් කලේ සෝෆා එකේ අනිත් කෙළවරේ වාඩි වුණ එක.

මයික් එක අතට ගත්තු ටේහියුන් BTS ලගේ  cyper pt3 රැප් එක කියන්න ගත්තේ වෙන කාටවත් මයික් එක අල්ලන්නවත් දෙන්නෙ නැතුව. ජේ හෝප්ගේ අලුත් විදිහෙ නැටුමුත් ඒවටම ගැලපුනා. ජිමින් කළේ ජේහෝප් හා ටේහියුන් දිහා බලාගෙන බිම පෙරළි පෙරළි හිනා වුණු එක. මේ දේවල් නිසා මුලු BTS නිවසෙම මේයාලගෙ  සද්දෙ දෝංකාර දුන්නා කිව්වොත් නිවැරදියි.

මේ දේවල් දිහා බලන් හිටපු ජන්කුක්ගෙත් කේන්තිය ටික ටික නැතිව ගිය නිසා ඔහුත් ඔවුන් සමග එකතු වී සිංදු කියමින් නැටුවා. ඇත්තට සිංදු කිව්වා කිව්වොත් වැරදියි. ජන්කුක් කලේ එයාගේ සෙසු සාමාජිකයන් අනුකරණය කරමින් බලන් ඉන්න අයට හිනා යන විදිහට ගායනා කරපු එක. මේවා දිහා බලන් හිටපු ජේහිටත් තමන්ගෙ හිනාව නතර කරගන්න බැරි වුණා.

" හැමෝම පොඩ්ඩක් ඉන්නකෝ...."
ඒ කතා කලේ ජේ හෝප්.

" මෙතන ඉන්න අපේ එකම ප්‍රේක්ෂකයා ජේහි නිසා අපි ජේහිගෙන් අහමු ඊලගට කියන්න ඕනි සිංදුව මොකක්ද කියලා."

" ඔව් හොබී හියුන් කිව්ව එක හරි. ජේහි ඔයා අපේ කැමතිම සිංදුව මොකක්ද"
බිම ඉදහෙන හිටපු ජිමින් ඇහුවේ එතනින් නැගිටින ගමන්.

' ඉවරයිනෙ ඉතිං. මන් දැන් කොහොමද සිංදුවක් කියන්නෙ. මන් මෙයාලගෙ සිංදු වල නම් දන්නෙ නෑ කිව්වොත් අර මෝඩ ජේකේ මාව විහිලුවකට ගනියි මන් නම්ජූන්ගෙ නංගි වෙලාත් BTS ලගෙ සිංදු දන්නෙ නෑ කියලා.'
මෙතෙක් වෙලා නිහඩව බලන් හිටපු ජේහි තම හඩ අවධි කලේ පහළවූ අලුත් අදහස නිසයි.

" ම්.... මම ජින් ඔප්පගෙ ඕනිම සිංදුවකට කැමතියි. එකක් කියලා නෑ. හැම එකකටම."
ඇය එහෙම කිව්වේ මෙතන නැති කෙනෙක්ගෙ නම කියන එක හොදයි කියලා හිතුණ නිසයි.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now