Episode 27

977 134 2
                                    


"හැබැයි එක කොන්දේසියක් තියෙනවා."

" ඒ මොකද්ද"

ජේහි නම්ජූන්ගෙ තුරුලෙ ඉදන්ම ඇහුවෙ ඒක මොන වගේ කොන්දේසියක් වුණත් එකග වෙන්න හිතන්.

" ඔයා අපේ ඩෝම් එකෙන් ගිහින් වෙන තැනක නවතින්න ඕනි."

" යාහ්.. නම්ජූනා..."

" හියුන්..."

නම්ජූන් ඉදිරිපත් කරපු කොන්දේසිය කවුරුත් බලාපොරොත්තු නොවූ දෙයක්. ජේහිත් මොහොතකට ඔලුව උස්සලා තම සහෝදරයා දෙස බැලුවේ ඇයට ඇහුණු දේ ඇත්තක්ද කියලා සැක හැර දැනගන්නයි.

" ඔයා විහිලුවක් නේද කරන්නෙ හියුන්."

ටේහියුන් වාඩි වෙලා හිටපු තැනෙනුත් නැගිටමින් ඇහුවේ ඔහුට මෙය විශ්වාස කිරීමට නොහැකි හින්දයි. ඇත්තටම විශ්වාසයකට වඩා ටේහියුන් වගේම අනිත් අයත් මෙය ඇත්තක් කියලා පිළිගන්න අකමැති වුණා.

" ටේ... ඔයා හිතෙන්නෙ මං මේ වගේ වෙලාවක විහිලු කරයි කියලද. මන් මේ ඇත්තටමයි කියන්නෙ. ජේහිට නවතින්න තැනක් සෝල් වලින් මන් ඉක්මනටම හොයනවා. "

" ඒත් නම්ජූනා ඇයි හදිස්සියෙම එහෙම කරන්නෙ."

ජේහිව ඩෝම් එකට ගේන යෝජනාව කලේ ජින් වුණත් නම්ජූනුත් එයාගෙ නංගි ලග ඉන්න එකට ගොඩක් කැමතියි කියලා ජින් දැනන් හිටියා. ඉතිං මේ හදිස්සි තීරණයට හේතුව මොකද්ද කියලා ජින්ට තේරුණෙත් නෑ.

" මට ඒ තරම් කම්පැණි එකට බොරු කරන්න බෑ හියුන්. මොනවා වුණත් අද මන් මෙතන ඉන්නෙ Bighit එක නිසා. ඉතිං ජේහි හැමෝටම හොරෙන් ට්‍රේනින් යද්දි තව මට කම්පැණි එකට හොරෙන් එයාව මෙහෙ තියාගන්නත් බෑ. අනික කවදහරි මේ දේවල් එළි වුණොත් ජේහි ඩෝම් එකේ හිටපු එකට මට විතරක් නෙමෙයි ඔයාලටත් වග කියන්න වෙනවා. මන් නිසා ඔයාලට ප්‍රශ්න වෙනවා දකින්න මට බෑ."

" ඒ වුනාට..."

" නෑ ජින් ඔප්පා. මන් හිතන්නෙ ඔප්පා කියන කතාව ඇත්ත. කොහොමත් හැමදාම මට මෙහෙ ඉන්න බෑනෙ. මාත් කවදහරි මෙහෙන් යන්න එපැයි. "

ජේහි නම්ජූන්ගෙ තුරුලෙන් ඈත් වෙමින් කිව්වේ මොන දේ වුණත් නම්ජූන් ගත්ත තීරණය හරි කියලා එයාටත් හිතුණ නිසයි. ඩෝම් එකට ඇවිත් මහ ලොකු කාලයක් නොවුණත් හිටපු මාස තුන හතරට මේක එයාගෙම ගෙදර වගෙයි ජේහිට දැනුණේ. අනික සහෝදරයො හත් දෙනෙක්ගෙ ආදරය මැද ගෙවුණු ජීවිතයට ඇය ගොඩක් ආස කලා. හැබැයි මේ හැමදේකටම වඩා ජේහිට අතඇරලා යන්න අමාරුම වුණේ ජන්කුක්ව. කතා බහ කරන්න බැරි වුණත් මෙහෙ හිටියොත් හැමදාම ජන්කුක්ව බලන්න පුලුවන් කම හරි තිබුණා. ඒක හින්දා වෙන තැනකට ගියාම ජේහිට වැඩිපුරම දැනෙන්නෙ ජන්කුක් නැති පාලුව කියලා ඇය දැනන් හිටියා. ඒකයි තත්පර කිහිපයකට ජේහිටත් නොදැනීම ඇගේ ඇස් ජන්කුක්ගෙ රුව අසල නතර වුණේ.  ඒත් ජන්කුක් කලේ ඒ ඇස් මගහරිමින් අහක බලා ගත්තු එක. ජන්කුක් කරපු ඒ පොඩි දේටත් හිතුවෙවත් නැති තරමට ජේහිගෙ හිත රිදුණා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now