Episode 20

1K 144 3
                                    


ජේහිගෙ මැසේජ් එක දැක්කම ජන්කුක්ගෙ මූණෙ එයාටත් නොදැනීම පුංචි හිනාවක් ඇදුනා. එත් ෆෝන් එකෙන් ඔලුව උස්සනකොටයි දැක්කෙ තමන් දිහා කන්න වගේ බලන් ඉන්න ජිමින් වයි ටේ වයි.

" ඒ ජිමිනා මෙයා අපිට හොරෙන් කෙල්ලෙක් වත් සෙට් කරන්ද"

ටේහියුන් අතකින් ජිමින්ට ඇනලා ඇහුවෙ ජන්කුක් දිහා බලාගෙනමයි.

" අනේ මන්දා මේ මහ දවල් ෆෝන් එක දිහා බලාගෙන දාපු මනමාල හිනාවනම් මටත් එච්චර ඇල්ලුවෙ නෑ."

" මන් යනවා ප්‍රැක්ටිස් කරන්න. මං හෝසොක් හියුන්ට කියන්නම්කො ඔයාලා දෙන්නා ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව මෙතනට වෙලා විකාර කියව කියව ඉන්නවා කියලා."

ජන්කුක් වැඩි ගානක් නැතුව එහෙම කියාගෙන Vmin ඩබලව පහු කරගෙන ගියා.

" මට නම් හිතෙන්නෙ මෙතන මොකක් හරි හොරයක් තියෙනවා."

ජන්කුක් ‍යන දිහා බලාගෙන ටේහියුන් කිව්ව දේ ජිමිනුත් ඔලුව වනලා අනුමත කලේ එයාලගෙ මේ පොඩි මල්ලිගෙ වෙනස මොකද්ද කියලා හිතා ගන්න බැරුව.

ඔය වගේ එක එක දේවල් එක්ක ඉදිරි දවස් ටිකත් ගෙවිලා ගියා. BTSලාගෙ අලුත් Album එක release කරන්න ලග නිසා එයාලට ගොඩක් වැඩ තිබුණා. ජන්කුක්ට නම් Album එකේ වැඩ වලට අමතරව ලී යූමි එක්ක කරන collaboration එකේ වැඩ වලටත් හිර වෙන්න වුණා. ඔය අතරෙ ජේහි දැනගත්තා ජිමින් ටේහියුන් දෙන්නත් සිද්ද වුණු හැමදේම දන්නවා කියලා. මුලදි ටිකක් කලබල වුණත් පස්සෙ එයාලා කාටවත් කියන්නෙ නෑ කියලා පොරොන්දු වුණාට පස්සෙ ගානක් නැති වුණා. ජේහි වෙච්ච හැමදේම අමතක කරලා එක්සෑම් එක වෙනුවෙන් ඉතිරි දවස් ටිකත් මහන්සි වෙලා වැඩ කලා.

අද තමයි එක්සෑම් එක දවස. ජේහිට හිතුව තරම් එක්සෑම් එක අමාරු වුණේ නෑ. මොකද ඉතිං එයා ගොඩක් මහන්සි වෙලා ඒ වෙනුවෙන් වැඩ කලානෙ. එක්සෑම් හෝල් එකෙන් එළියට එනකොටම දැක්කෙ පැත්තකට වෙලා මූණත් අකුලන් ඉන්න මීරාව.

" මොකෝ අනේ ඔයා මොහොම ඉන්නෙ."

මීරා ලගට ගිහින් අතකින් අල්ල ගන්න ගමන් ඇය ඇහුවා.

" බලන්නකො ජේහි මන් හිතුවට වඩා ඒක අමාරුයි අනේ"

" අයියෝ දැන් ඔය එක්සෑම් එක අමතක කරලා දාන්න. ඒක දැන් ඉවරනෙ"

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now