Episode 37

1.1K 132 6
                                    


පහු වෙනිදා වෙනකොට ජන්කුක්ගෙ අසනීප තත්වෙ ගොඩක් දුරට හොද වුණා. මෙහෙම වුණේ මේ දවස් ටිකේම නිදි මරලා ඩයට් කරලා ඕනවට වඩා මහන්සි වුණ නිසා කියලයි ඩොක්ටර් කිව්වෙ. උදේම ඇවිත් ජන්කුක්ව චෙක් කරලා ගහලා තිබුණ සේලයින් එකත් ගලවලා බොන්න බෙහෙත් වගයකුත් දීලා ඩොක්ටර් මැනේජර් සේජින් එක්ක කාමරයෙන් එළියට යනවත් එක්කම කඩාගෙන බිදගෙන රූම් එක ඇතුළට ජන්කුක්ගෙ හියුන්ලා සෙට් එක ආවා.

" යාහ්... හියුන්. ඔයාලා මැනර්ස් දන්නෙ නැද්ද. එකපාරට පොලිස්සියෙන් පනිනවා වගේ එන්නෙ. දොරට තට්ටු කරලා එන්නකො. "

" කට පියාගෙන ඉන්නවා පොඩි එකෝ. ඊයෙ අපිව හොදටම බය කරලා දැන් එනවා මෙතන සද්දෙ දාන්න. "

ජන්කුක් කෑ ගහපු එක සතපහකට ගනන් ගන්නෙ නැතුව ජින් ඇවිත් ජන්කුක්ගෙ ඇදෙන් වාඩි වුණේ කොල්ලට හොද රැවිල්ලකුත් දාලමයි.

" ඔයාට දැන් කොහොමද ජන්කුකා. "

" දැන් නම් අමාරුවක් නෑ යුන්ගි හියුන්. ඩොක්ටර් කිව්වෙත් එච්චර ලොකු දෙයක් නෙමේ කියලා. "

ජන්කුක්ගෙයි යුන්ගිගෙයි කතාව මැද්දෙම ටේහියුන් දුවගෙන ඇවිත් ජන්කුක්ගෙ ඇගට පැනලා කොල්ලව බදා ගත්තේ හරියට නිකන් අවුරුදු ගානකින් දැක්කා වගේ. මේක බලන් ඉදපු ජිමිනුත් ඒකම කලේ ඇදේ හෙඩ්බෝර්ඩ් එකට හේත්තු වෙලා හිටපු ජන්කුක්ව අලි බබාලා දෙන්නෙක් මැද පොඩි වෙද්දියි.

" ඒයි හියුන් ඔය දෙන්නා හොදටම බරයි. අයින් වෙනවකො වදේ. "

"බොරු කියන්න එපා ජන්කුකා අපි දෙන්නා කොන්සර්ට් එකට කලින් ඩයටුත් කලා. නැද්ද ටේ. "

ටේත් ජිමින් කිව්ව එක අනුමත කරලා තව ටිකක් කොල්ලව බදා ගනිද්දි ජන්කුක් කලේ අසරණ විදිහට ජින් දිහා බලපු එකයි.

" ටේ....ජිමින්...අදවත් ඔය ළමයට පාඩුවේ ඉන්න දෙනවා. "

ජින්ගෙ කෑගැහිලට දෙන්නම අයින් වුණත් ඊටකලින් ජන්කුක්ට හින්ට් එකක් ගහන්නත් ටේහියුන් අමතක කලේ නෑ.

" මෙයාටත් ඉතිං අපි බදාගත්තම තමා බර මතක් වෙන්නෙ. "

ටේහියුන්ගෙ හින්ට් එකට ජිමිනුත් හිනා වෙලා නැගිට්ටත් ජන්කුක් මුකුත් නොකියා හිටියෙ මේ කටවල් දෙක මෙතන අවුස්ස ගත්තොත් යන එනමක් නැති වෙන්නෙ එයාටම නිසයි.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now