Episode 43

1K 144 7
                                    


ප්‍රධාන දොරෙන් ඇතුල් වෙනකොටම තිබුණේ තරමක් විශාල විසිත්ත කාමරයක් වුණත් එහි කවුරුවත් ඉන්න බවක් පෙනුණෙ නෑ. ජේහි එයා දාගෙන හිටපු සයිඩ් බෑග් එකත් ගලවලා කිචන් ඒරියා එක ලග තිබුණු ටේබල් එක උඩින් තියලා ජන්කුක්ව හොයන්න පටන් ගත්තා. පහළ තිබුණ එකම රූම් එකට එබිලා බැලුවත් ඒකෙ කවුරුවත් හිටියෙ නැති නිසා ජේහි පඩිපෙළ නැගලා උඩට යන්න තීරණය කලා. ටිකක් විතර විශාල විලා එක ඇතුළෙ තනියම ජන්කුක්ව හොයනකොට කෙල්ලට බයක් දැනුණෙ නෑ කිව්වොත් ඒක බොරුවක්. පඩිපෙළේ මගක් දුරට යනවත් එක්කම උඩ තට්ටුවෙන් සද්දයක් ඇහුණ නිසා ජේහි ඉක්මනට අඩිය ඉක්මන් කරලා ගියේ ජන්කුක් බලාපොරොත්තුවෙනුයි.

ඉහළ මාලයේ වම් පස කොරිඩෝව අවසානයේ තිබුණු බැල්කනි එකෙන් අන්තිමේදී සියලු උත්සහායන් සාර්ථක කරමින් එයාගෙ කුකීව හොයාගන්න ජේහිට පුලුවන් වුණා. ඒක බැල්කනි එකක් කිව්වට රූෆ් ටෙලස් එකක් වගේ ලොකු ඉඩකඩක් තිබුණා. ඒ විතරක් නෙමෙයි එතන තැන තැන විසිතුරු ගස් ජාති පවා ලස්සනට තියලා තිබුණා. හැබැයි ජන්කුක් නම් හිටියෙ එක කෙළවරක එල්ලලා තිබුණු පන්චින් බෑග් එකකට ඉවරයන් නැතුව පහර දෙන ගමන්.

වෙනදට දීප්තිමත් ජන්කුක්ගෙ බෝල ඇස් අද අදුරු වෙලා තිබුණා. දහඩියටම තෙත් වෙලා මූණට වැටිලා තිබුණු කොණ්ඩෙන්ම ගොඩක් වෙලාවක ඉදලා කොල්ලා පන්චින් බෑග් එකට ගහන එකයි කරලා තියෙන්නෙ කියලා හොදටම පැහැදිලි වුණා. එක තත්පරයකටවත් නතර නොකර දැනෙන මහන්සිය ගැනවත් නොතකා පිස්සුවෙන් වගේ පන්චින් බෑග් එකට ගහන ජන්කුක් දිහා ජේහි බලන් හිටියෙ දුකෙන්.  ටික වෙලාවක් ඒ දිහා බලන් හිටියත් ජන්කුක් එයාගෙ වැඩේ නතර කරන්නෙ නැති පාර ජේහි කතා කරන්න තීරණය කලා.

" කුකී... "

ජන්කුක් ඇහුණු කටහඬට මොහොතකට පන්චින් බෑග් එකට ගහන එක නතර කරලා ජේහි දිහා බැලුවත් ආපහු මුකුත් නොකියාම කලින්ටත් වඩා වේගෙන් පන්චින් බෑග් එකට පහර දෙන්න පටන් ගත්තා. වෙනදට වගේ ඒ බැල්මේ ආදරණීය බවක් පොඩ්ඩක්වත් තිබුණෙ නෑ. ඇත්තටම ජන්කුක්ගෙන් ලැබුණේ කිසිම හැඟීමක් නැති හිස් බැල්මක්. හිතුවට වඩා ඒකට නම් ජේහිගෙ හිත ගොඩක් රිදුණා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now