Episode 12

1.1K 144 1
                                    

ජන්කුක් ගෙදර ඇවිත් රෝස මලේ කතාව අනිවාරෙන්ම කියනවා කියලා දැනන් හිටියත් මේ වෙලාවෙම කියයි කියලා නම් ජේහි බලාපොරොත්තු වුණේ නෑ. ඒ නිසයි එකපාරටම මොනව කියන්නද කියලා හිතාගන්න බැරි වුණේ.

" ඒයි ජේකේ හරි නම් ඒ රෝස මල අයිති ඔයාට නෙමෙයි."

" එහෙනම් කාටද"

" ජිමින් ඔප්පට. මගෙ යාලුවා ඒක ගත්තෙ ජිමින් ඔප්පට දෙන්න. එයාට දෙන්න බැරි වුණ නිසයි ඔයාට දුන්නෙ."

" ඒවා මන් දන්නෙ නෑ දැන් ඒක මගේ"

" යාහ් ජන්කුකා.... දැන් ඕක නතර කරන්න. ඔයා ජේහිටත් වඩා පොඩි ළමයෙක් වගේනෙ හැසිරෙන්නෙ"

මේ ඩබලගෙ රණ්ඩුව දිහා බලන් හිටපු ජින් කිව්ව දෙයට ජන්කුක්ට චුට්ටක් විතර ලැජ්ජ හිතුණා.

" නෑ ජින් හියුන් ජේහිත් වැරදියි. මෙයා තමා හැමවෙලේම රණ්ඩු පටන් ගන්නෙ."

" දැක්කද, නම්ජූන් හියුන් විතරයි මගෙ පැත්ත ගත්තෙ. ඔයාලා හැමෝටම දැන් මාව වැඩක් නෑනෙ. "

" ඔයාට ඉරිසියයි නේද"

කෙල්ල ජන්කුක් දිහා බලලා අමුතු හිනාවකුත් දාලා කිව්වෙ කොල්ලව තව ටිකක් කේන්ති ගස්සන්න හිතන්. දෙන්නගෙම මේ රණ්ඩුව නතර වුණේ ගෙදර බෙල් එක ගහන සද්දෙටයි.

" මන් හිතන්නෙ ඕඩර් කරපු පීසා ඇවිල්ලා."

ජේහි එහෙම කියාගෙනම දුවගෙන ගිහින් දොර ඇරලා ඕඩර් එක බාරගෙන අත් දෙකෙන්ම පීසා ටිකත් උස්සන් කට්ටිය හිටපු තැනට ආවා.

" ඔයාට මෙච්චර පීසා ගෙන්නන්න තරම් සල්ලි කොහෙන්ද. මටත් හොරෙන් ජොබ් එකක්වත් කරනවද ආ.."

නම්ජූන් ඇහුවෙ කෙල්ල අරගෙන ආපු එක එක ජාතියෙ පීසා ටික දිහා බලන්.

" නෑ නෑ ඔප්පා මං ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එක පොඩ්ඩක් පාවිච්චි කලා."

" මෙයත් ජන්කුකා වගේම තමා"

යුන්ගි පීසා කෑල්ලක් අතට ගන්න ගමන් කිව්ව දේට ජන්කුක්ටත් හිනා ගියේ යුන්ගිගෙ ක්‍රෙඩිට් කාඩ් එකත් කොල්ලා ඕනි තරම් මේ වගේ වැඩ වලට පාවිච්චි කරපු නිසයි.
.........................................................................

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now