Chapter 02

702 90 9
                                    

" දැන් උඹලා දන්නවනෙ උඹලා ඇයි මෙ ඉස්කෝලෙට ආවෙ කියලා..."

අපි ඇවිත් වාඩි වෙලා ටිකක් වෙලා ගියාම අර හිනා වෙච්ච උස හාදයා අපෙ ක්ලාස් එක ඇතුලට ඇවිත් ගුරු මේසෙ උඩ තිබ්බ පොතක් අරන් මේසෙට තට්ටු දදා අපෙන් ඇහුවා.

මොනාද උ මෙ අහන ගොබ්බ ප්‍රශ්න. මම නං මෙ ඉස්කෝලෙට ආවෙ මෙ ඉස්කෝලේ ලොකු හින්ද, හෙන ආතල් හින්දා. මම දන්නවා ඔය අනිත් කොල්ලොත් ආවෙ ඔය හේතු නිසා තමා. ඕකෙ ඉතින් තව අහන්න දෙයක් තියෙනවා යැ.

" ආ උඹ නැගිටල කියපං ඇයි උඹ මෙ ඉස්කෝලෙට ආවෙ කියල "

ඉස්සරහම පේලියෙ වාඩි වෙලා හිටිය බෝතල් අඩි දෙකක් දාන් හිටපු කොල්ලව නැගිට්ටවලා මේකා එ මෝඩ ප්‍රශ්නෙම ආය උගෙන් ඇහුවා. මෙ ඉස්කෝලේ ඉන්නෙ හරක් කියල මම අදනෙ දන්නෙ. මොන මෝඩ ප්‍රශ්නයක් ද මු මෙ අහන්නෙ. හෙට එනකොට තණකොල ටිකක් කපං එන්න ඕන මුට කන්න දෙන්න. යකො මුන්ට මෙ ඉස්කෝලේ වෙන වැඩ නැද්ද අනුංගෙ ක්ලාස් අස්සෙ රිංගං මෝඩ ප්‍රශ්න අහ අහ කාලෙ කන්නෙ.

" හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න "

පව් අර කොල්ලා බය වෙලා වගෙ. වෙවුල වෙවුල උත්තර දෙන්නෙ.

" එ මෙ බලහං මු ඇවිත් තියෙන්නෙ හොදට ඉගෙනගෙන රස්සාවක් කරන්න ලු. එ කවද්ද බං අපි නොදැනුවත්ව අපෙ ඉස්කෝලේ රස්සා දුන්නෙ "

මේකා දොර ලඟ හිටං හිටිය ගොබ්බ පාත්තයො දෙන්න දිහා බලල කියද්දි එ අපතයො දෙන්නත් හිනා වෙවි පහක් ගැහුවා. අනෙ නල්ලමලෙ විහිලුව. හරියට හිනා යනවා.

" මෙ ඕයි... මේක උඹලට රස්සා දෙන තැනක් නෙවෙයි. උඹල මේකට ආවෙ ඉගෙන ගන්න..  ඉගෙන ගන්න.. එච්චරයි.. ආ උඹලා ඇයි දැන් මෙ ඉස්කෝලෙට ආවේ...."

" ඉගෙන ගන්න......"

මේකා හැමෝම දිහා බලන් අහද්දි අපෙ ක්ලාස් එකෙ හැමෝම එක හඬින් කැ ගහල උත්තර දුන්නා. මන්නං කටක් හෙල්ලුවෙ නැ. මම මොකටද මු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ මු සර් යැ.

"ඒහ් උඹ මොකද තාම හිටගෙන උස යනකන්ද. වාඩි වෙයං"

අර බෝතල් අඩි කොල්ලගෙ ඔලුවට අතෙ තිබ්බ පොතෙන් තඩි බාපු මේ හිකනල වස්සා එ කොල්ලව වාඩි කලා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now