Chapter 18

491 76 83
                                    

" ජන්කුක් තමුසෙ දගලන්නැතුව පාඩුවෙ ගිහින් පාඩුවෙ එන්න ඕන. මතකනෙ අප්පා මේ ගමනට පර්මිශන් දුන්නෙ මම නිසා..තමුසෙ මොනව හරි දෙයක් කරගත්තොත් මට බැ තමුසෙ ගැන අප්පට වග කියන්න"

හ්‍යුන්ග් ඇක්සලේටර් එක හැටට හැටේ පාගගෙන පැසෙන්ජර් ශීට් එකේ වාඩි වෙලා ඉන්න මගෙ දිහා බැලුවා.

" හා හා අනේ.  තමුසෙ ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉදන් ජප කරානෙ ඔය වචන ටික. මට දැන් මතකයි. දගලන්නෙ නෑ.  ඉක්මනට යං අනේ කට්ටිය ගිහිල්ලද දන්නෙත් නෑ."

" ඉතින් මම ද පරක්කු වුනේ. තමුසෙලානෙ පරක්කු වුනේ"

" හරි ඉතින් මම වෙලාවට ලෑස්ති වුනා මේ බූරුවනෙ උඩු මහන්තලාවෙන් පහල මාලයට වඩම්ම ගන්න පරක්කු උනෙ"

තනි පංගලමේ පිටිපස්සෙ ශීට් එකට වෙලා උගෙ නියපොතු එක්ක අමුතු සෙල්ලමක් දාන ජිමිනා දිහා හැරිලා බනිද්දි උගෙ කොට මැද ඇගිල්ලක් මට දික් කලා. මාත් හ්‍යුන්ග්ට පේන්නෙ නැති වෙන්න උට මගෙ මැද ඇගිල්ල දික් කරලා ඉස්සරහා හැරුනා. අප්පගෙ කා එකේ හ්‍යුන්ග්ග් මාවයි ජිමිනවයි දාගෙන මහපාන්දර හැටට හැටෙ පාගන්නෙ ස්කූල් එකට.

" ජිමින්.."

" ඕ හ්‍යුන්ග්.."

" පරිස්සමින් මල්ලි හොඳ ද.. අපේ එකාට වැඩිය දගලන්න දෙන්න එපා. අපේ අප්පා දන්නෙ නැ මුහුදෙ නාන කතාවක්. දන්නව නම් අපේ එකාට යන්න දෙන්නෙ නෑ. ඉතින් පරිස්සමින් හරි ද. මේකාව බලාගන්න"

" හරි හ්‍යුන්ග්. බය වෙන්න එපා මම මේකගෙ අත්දෙකට හෑන්ඩ් කෆ්ස් දෙකක් දාගෙන බලාගන්නම්"

දැනටම අපි පැය භාගයක් පරක්කුයි. හරියටම පාන්දර හතර වෙද්දි ග්‍රවුන්ඩ් එකට එන්න කියල තිබ්බට අපි ඉස්කෝලෙට එද්දි හතර හමාරයි. මම මෙතෙන්ට එනකන් බයේ ආවෙ කට්ටිය ගිහින් ඇති කියල හිතාගෙන. ඒත් අපෙ වෙලාවට තාම බස් ටික ග්‍රවුන්ඩ් එකේ.

" ඔයාලා හොදටම පරක්කුයි ළමයිනේ. වෙලාවක් දීලා තියෙන්නෙ වෙලාවට එන්න. අපි බලන් ඉන්න ඕන ඔයාලා එනකන්. තව විනාඩි පහක් බලලා අපි පිටත් වෙන්න හිටියේ. ඔහොමම දෙන්නම ගිහින් ඔය දෙවෙනි බස් එකට නගින්න."

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now