Chapter 34

445 72 47
                                    




අද ක්ලාස් එකේ කොච්චර දේවල් ඉගැන්නුවත් එ මුකුත් මගෙ ඔලුවට ගියෙ නෑ. අපිව දැක්කෙ ජිමින් නම් කිසිම ප්‍රශ්නයක් නෑ. නම්ජූන් ස' නම් ඒත් ප්‍රශ්නයක් නැ. ඒත් ලොකුම ප්‍රශ්නෙ ප්‍රින්සිපල් ස' ගෙදර ඉදලා තියෙන්නෙ. අපිව දැක්ක කෙනා එයා නම්ම්.... මගෙ කකුල් දෙකත් එක්කම ගැහෙනවා බයට. මම දැක්කා ටේහ්‍යුන් හ්‍යුන්ග්ගෙ මූනත් අද හරි නෑ. එයත් බයෙන් ඇත්තෙ ප්‍රින්සිපල් ස' ගැන. අනෙ මගෙ ඇට්ටරයා හොද ළමයෙක් වෙන්න හැදුවා විතරයි.

පුදුමෙ කියන්නෙ ක්ලාස් එක අතරෙ ජිමින්ගෙවත් ස' ගෙවත් මූනු වල කිසිම වෙනසක් මම දැක්කෙ නෑ. එ කියන්නෙ එයාලා හැසිරුනෙ මුකුත් දැකලා නැ වගේ. දෙයියනේ එ කියන්නෙ ප්‍රින්සිපල් ස' තමයි. අනෙ මට බයයි.. ඒත් එ වෙලාවෙම රූම් එකට ඇවිත් අපිට බැන්නෙ ගැහුවෙ නැත්තෙ ඇයි... ආයිශ් මට තේරෙන්නැ.

එක එක ප්‍රශ්න නිමක් නැතුව ගලාගෙන එනකොට ස' කියල දෙන කිසිම පාඩමක් මගෙ ඔලුවට නොයා එහා කනෙන් ඇවිත් මෙහා කනෙන් එලියට ගියා.

ඇත්තම කිව්වොත් එ වෙලාවෙ හිතට ගලාගෙන ආපු හැගීම් ඇඳ උඩදි හ්‍යුන්ග් එක්ක හරි හරියට පිට කලාට හීනෙක්නවත් නොහිතපු දෙයක් උනාම එ වෙලාවෙ එ තිබ්බ හයිය එඩිතරකම දැන් මගෙ අහලකවත් නෑ. ඇරත් දෙයියනේ දකින්න ඕන නැතිම කෙනා ඒක දැක්කා කියන්නෙ අනෙ අපිව ඉස්කෝලෙන් පන්නලා දායිද... අනෙ මගෙ ඇට්ටරයා....

එහෙම උනොත් අපෙ ගෙදර අයට මම මොනාද කියන්නෙ. ප්‍රින්සිපල් ස' ගෙ පුතා එක්ක ඇදේ නැගන් කිස් කරනව මාට්ටු වෙලා ඉස්කෝලෙන් දොට්ට දැම්මේ ඔම්මා අප්පා කියන්නයැ. ගෙදරිනුත් මාව දොට්ට දායි. එතකොට මම කොහෙද යන්නෙ. සමහරවිට ටේහ්‍යුන් හ්‍යුන්ග්වත් දොට්ට දායි ගෙදරින්. එහෙම උනොත් අපි දෙන්නා කොහෙ කියල යන්නද. තාම රස්සාවක් වත් නැති අපි දෙන්නට හිඟා කන්න තමා වෙන්නෙ. හ්‍යුන්ග්ගෙ අතට කාසියක් දාපු ටින් බෙලෙක්කයක් දීලා මට වෙන්නෙ වදුරු පැටියා වගෙ කරනං ගහන්න. එතකොට අපි ගැන දුක හිතිලා මිනිස්සු අපට සල්ලි දෙයි. එතකොට අපට දවසකට වේලක් කාලා හරි පන රැක ගන්න පුලුවන් වෙයි. ඒත් අපි නිදියන්නෙ කොහෙද. අනෙ මට තේරෙන්නෑ කොහොම හිටපු අපට ද මෙ වගෙ දෙයක් සිද්ද උනෙ දෙයියනේ. එක්කො ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකන්ම අපට රන්ඩු වෙවි ඉන්න තිබ්බෙ. ඉස්කොල්ලෙන් පස්සෙ ආය අපිව හම්බෙන්නෙ නැති වෙයිනෙ එහෙම උනා නම්. ඒත් කොහෙද අපටත් කලින් අපෙ සංසාර හුරුව ඉස්සර උනානෙ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now