Chapter 15

522 77 41
                                    



" දැන් උබ හිතන විදිහට අරුන්ට ජන්ගල් පේපර්ස් ගහන්න ඇත්තෙ කවුද බන්"

" හම්මට යකූ මුගෙ ඉංග්‍රීසි.."

" ඇයි ජන්කුකාහ්.... උබට ඉරිසියයිද....එදා ස' මට ගුඩ් බෝයි කියපු එකට......"

" යැයි යැයි යැයි තමා."

" හරි හරි කියවන්නැතුව මම අහපු එකට උත්තර දීපංකො. පඩයා නොවි"

අපි ඉස්කෝලේ යනගමන් බස් එකේ වාඩි වෙලා හිටියේ. අද අපෙ පිටිපස්සෙ ශීට් එක වයසක ආච්චිලා දෙන්නෙක් ආක්‍රමණය කරලා තිබුණු නිසා ඊට ඉස්සරහ ශීට් එකෙන් අපිට වාඩි වෙන්න සිද්ද වුනෙ.

" තෝනෙ පඩයා වගෙ නොදන්න ඉංග්‍රීසි කියාගෙන දගලන්නෙ. එ බන් මොනා නැතත් ඒක කලේ කොන්ද පන තියෙන එකෙක් ඈ.. මම උට රෙස්පෙක්ට් කරනවා වකුගඩුවෙන්ම. ඒ මට වෙලාවකට හිතෙනව මුන් මට ගේමක් දෙන්න ඕන නිසාම මුන්ම ලියාගෙන ආපු කොලයක් පෙන්නලා මාව බය කරන්න හැදුවද කියලත්"

" නැ බන්. උන් කරපු දෙයක් නෙවෙයි ඕක"

" ම්ම්ම් උබ කොහොමද ඒක තක්කෙටම කියන්නෙ"

" නැ මම කීවේ උන් නෙවෙයි වෙන්න ඇති ඕක කරන්න ඇත්තෙ. නේ..ද. අනේමන්දා.."

" නැ නැ උබ මොනව හරි මට හංගනවා. කියපං උබ කොහොමද තක්කෙටම එහෙම කියන්නෙ.."

" නැ බං මම ඒක ගෙස් කරා විතරයි.."

" ආ මම උබව අල්ලගන්න හිටියේ. එදා මොකද අර සුගා කාරයා ගැන ඇහුවෙ උබ"

"---"

මූ එකපාරම තාරා මූන හෝතබු මූනක් කරගෙන බිම බලාගත්තා. ඒ පාර මොන අඩව්වක්ද අල්ලලා තියෙන්නෙ මගෙ තාරාවා. යකෝ මේකා හීමිච්චා වගෙ ඉදගෙන කරන්නෙම මහ අමුතු වැඩ. අරහෙන් මෙහෙන් ඇග පේන පොටෝ කෑලි ඉන්ස්ටා දාගෙන.  දැන් ආදරෙ කරන ආලවන්තයෙක් වෙලානෙ..  මගෙ පැටියට ආදරෙ කියන අමුතු සික් එක ඔලුවට ගහලනෙ දැන් ඔය ඉන්නෙ. මගෙ බූරු පැටියා. හැබැයි ඌ ආදරෙ කරන්නෙ මූන වහගෙන. අනේමන්ද අමුතු ආදර කතා තමයි එව්වත්. හරි ඒ කතාව පැත්තකින් තියමුකො. සුගා ගැන මොකක්ද මුට තියෙන ප්‍රශ්නෙ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now